කප්පම්කරුවන් ගෙන් බේරුණු ඉංජිනේරුවාගෙන් නයිජීරියාවේ ලාංකිකයින්ට අනතුරු ඇඟවීමක්

 

 

DSCN15661

 

දිවි බේරා  ගත් කරුණාදාස මහතා ඉතාලි සමාගමේ නිලධාරීන් සමග තානපති කාර්යාලයේදී

‘මා බේරා ගැනීමට නයිජිරියා කප්පම්කරුවනට සල්ලි දුන්නා දැයි මගෙන් අහන්න එපා. මට මොකුත් කියන්න බෑග ඒ ප්‍රශ්නයට උත්තර නොදීම ගැන මම ඔබෙන් සමාව ඉල්ලනවා.‘ රාත්‍රි නවයක් නයිජිරියාවේ මහ කැලයක් සර්පයන්ලමදුරුවන් හා අවිගත් රුදුරු කප්පම්කරුවන් සමඟ ජිවත් වු ලාංකික ඉංජිනේරු කරුණාදාස නයිජිරියාවේ සිට  කියා සිටියේය.

 

මැයි  මස නම වෙනිදා සුපුරුදු පරිදි රාජකාරි සඳහා ගමන් කරමින් සිටි කරුණාදාස මහතා ගමන් ගත ජීප් රථයේ ඉදිරි අසුනේ සිටියේපොලිස් නිලධාරියෙකි.කැලෑවක් මැදින් රිය ගමන් ගනිද්දී මුහුණ ආවරණය කරගත්කප්පම්කරුවන් වෙතින් ප්‍රහාරයක් එල්ලවූ අතර පොලිස් නිලධාරියා මර  හඬ දෙමින් එතැනම මිය ගියේය. රියැදුරාට බරපතල තුවාල  සිදු වූ අතර කරුණාදාස මහතා කප්පම් කරුවන් ගේ ග්‍රහණයට හසු විය.

සුවිසල් ගස් සහිත ම්හ් වනය මැද්දේ සිට කප්පම්කරුවන් ගනුදෙනුව ආරම්භ කළහ. කරුණාදාස මහතාගේ චන්ද්‍රිකා දුරකතනයෙන් ගනුදෙනුව අත්ම්භ වූ අතර දුවට වචන හතරක් පහක් කථා කිරීමේ අවස්ථාව හිමි විය.

දින කීපයක් ගතවෙද්දී කප්පම්කරුවන් තරමක සුහදතාවයක් දැක්වූ අතර  කරුණාදාස මහතා සේවය කළ ඉතාලි  සමාමගම ගනුදෙනුවට මැදිහත් විය.Nigeria-Pos

ඇස් බැඳ පලු පාරක් අසලට ගෙනා කරුණාදාස මහතා කියා සිටියේ කප්පම්කරුවන් තමන් අතහැර පල ගිය පසු තමන් අත වූ දුරකතනයෙන් පොලීසියට කථා කළේය.

නයිජීරියාවේ ශ්‍රී ලාංකිකයින් 150 දෙනෙක් පමණ සේවය කරන  අතර  කරුණාදාස මහතා කියා සිටින්නේ මේ පිරිස් දුර බැහැර අනාරක්ෂිත ප්‍රදේශ වල සිටින්නේ නම් වහාම ආරක්‍ෂිත නගර කරා පනිය යුතු බවයි.

පැහැර ගෙන ගිය කණ්ඩායම් හෝ නිදහස් කිරීම සම්බන්ධ තොරතුරු කිසිවක් තමන්ට අනාවරණය වී නොමැති බව නයිජීරියාවේ වැඩ බලන මහ කොමසාරිස් රත්නපාල මහතා පැවසු අතර  නයිජීරියානු ආරක්ෂක අංශ සහ පොලීසිය පරීක්ෂණ පවත්වන බව කි සිටියේය.

 

දැනට හෙළිදරව් වී තිබෙන තොරතුරු අනුව  කරුණාදාස මහතා බේරා ගැනීම සඳහා ඉතාලි සමාගමකප්පම් කරුවන්ට මුදලක් ගෙවා ඇති බව පෙනෙන්ට තිබේ.

තත්වය එසේ නම් විදේශික ශ්‍රමිකයින් පැහැර ගෙන ගොස් කප්පම් ඉල්ලා සිටීම වැඩිවීමටට මේ සිදුවීම බලපෑ හැකිය.

Unnijiriya

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.