කප්පම් චෝදනා වලට මර්වින් මිලියනයක් වන්දි ඉල්ලයි

mervins

 

හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කළ පැමිණිල්ල හේතුවෙන් ඒ මහතාගේ කීර්තිනාමයට හානි වී ඇති බැවින්, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතාගෙන් රුපියල් මිලියනයක වන්දියක් ඉල්ලා තිබේ.

 

නීතිඥ ලක්මිණී කරුණාරත්න මහත්මිය මගින් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතාගෙන් මෙම වන්දි ඉල්ලීම සිදුකර තිබේ.

බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා විසින් තමාට සිතාමතා අපහාසයක් කිරීමේ පරමාර්ථය කොටගෙන පිබිදෙන කැලණිය සංවර්ධන පදනම මගින් ප‍්‍රදේශයේ පුද්ගලයන්ගෙන් කප්පම් ලබා ගත්තේ යැයි ප‍්‍රදේශයේ පුද්ගලයන්ගෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එම පැමිණිල්ල

සාවද්‍ය පැමිණිල්ලක් බව මර්වින් සිල්වා මහතා සඳහන් කර ඇත.

එකී චෝදනාව පදනම් විරහිත අසත්‍ය එකක් බවට මේ වන විට තහවුරු වී තිබියදී නැවත නැවතත් අපහාස හා නින්දා කිරීමේ ච්තෙනාව මත ජනමාධ්‍ය මගින් ප‍්‍රසිද්ධියට පමුණුවා ඉතා බරපතළ අපහාසයක් සිදුකර ඇති බවද හෙතෙම ප‍්‍රකාශ කර ඇත.

මෙම අපහාසාත්මක පැමිණිල්ල හා ජනමාධ්‍ය ප‍්‍රචාරණය හේතුවෙන් රුපියල් මිලියන සියයක වන්දි මුදලක් ඉල්ලා ඇති අතර එකී වන්දි මුදල නොගෙවන්නේ නම් එම වන්දි මුදල හා ඊට අදාළ නෛතික පොලිය ලබා ගැනීමට නඩු පවරන බවද එම ලිපියේ සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ තමා වෙත එවන් ලිපියක් ලැබි නොමැති බවයි.

එමෙන්ම තමන් කළ පැමිණිල්ලට අදාළ සියලූ තොරතුරු තමා සතුවන බවත්,  ඕනෑම අවස්ථාවක තමන් ඉදිරිපත් කළ චෝදනා ඔප්පු කිරීමට හැකි බවත් සිසිර ජයකොඩි මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය

Mervin Silva claims defamation

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.