කම්බි එපා… හුළග එක්ක විදුලිය යනවා…

electric linesවායු ගෝලයේ පවතින සංඛ්‍යාත භාවිත කරමින්  විදුලි  රැහැන් නොමැතිව විදුලිය සම්ප්‍රේෂණය කළ හැකි නව ක්‍රමයක් සොයා ගැනීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විද්‍යුත් හා  විදුලි ඉංජිනේරු දෙපාර්තුමේන්තුවේ තෙවන වසරේ සිසුන් තිදෙනකු සමත්ව ඇත. විදුලි නාස්තිය අවම කරගෙන ඉහළ කාර්යක්ෂම තාවකින් පාරිභෝගිකයාට තම අවශ්‍යතා ඉටුකර ගතහැකි මෙම විදුලි සම්ප්‍රේක්ෂණ ක්‍රමය පිළිබද මේ වනවිට වැඩි සංවාදයකට ලක් වෙමින් තිබේ.

ආචාර්ය ජනක විජය කුලසූරිය ගේ මඟ පෙන්වීම මත අතුල කුමාර, සදීප් බටේවෙල, දේශීකා ධර්මසේන    මෙම නිර්මාණය බිහිකර ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මගින් පිරිනමනු ලබන 2016 වසරේ හොඳම විදුලි ඉංජිනේරු ව්‍යපෘතිය සඳහා වන සම්මනායද හිමිව තිබේ.

රැහැන් ඇදීමට බාධා ඇතිවන හා රැහැන් ඇදිය නොහැකි ස්ථාන වලින් විදුලිය ගෙනයෑම පිණිස මෙම නව ක්‍රමය උපයෝගි කරගත හැකි බව ආචාර්ය ජනක විජය කුලසූරිය පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.