කරදියානේ විරෝධය නිහඬයි -ප්‍රකෝපය දැඩියි

meethotamullaවේරහැර – කරදියාන කසළ අංගනයට කුණු රැගෙන ඒමට විරෝධය පා ප්‍රදේශවාසීහු වෙරහැර බොරුපන පාලම ආසන්න දී නිහඬ විරෝධයක් කළහ. කරදියන කුණු කන්දට එරෙහි ජනතා විරෝධී සංවිධානය ඇතුළු සංවිධාන රැසක් මෙම උද්ඝෝෂණයට එක් සිටියහ. අද පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝොෂණයට සහ විරෝධාව වළක්වාලමින්  කැස්බෑව සහ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණවලින් පොලිසිය වාරණ නියෝගයක් ලබාගත් අතර කැස්බෑම අධිකරණය ප්‍රකාශකර ඇත්තේ සාමකාමි විරොධතා කළ හැකි වුවත් මාර්ග අවහිර කරමින් මහජනයාට අවහිරවන අයුරින් හැසිරිම තහනම් කර තිබුණි.

මෙම නිහඬ විරෝධතාවට ප්‍රදේශීය දේශපාලනාඥයෝ ද එක්ව සිටියහ. කෙසේ වෙතත් අද දිනයේ දී කසළ ලොරි ගණනාවක් කරදියානට කසළ අංගයට  පැමිණි බව ප්‍රදේශවාසීහු පැවැසීය.
පැමිණි ජනතාව කියා සිටියේ අසාධාරණ වාරණයන් වලින් තමන් නිහඬ නොකළ හැකි බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!