කරිජ්ජ මහින්ද වැඩ අල්ලයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැමිණ තමාගෙන් පක්ෂ නායකත්වය ඉල්ලූ බවත්, එහි දී තමා විසින් එය ලබා දුන් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.

එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය දා සිදු කර ඇති ප්‍රකාශයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, “මේ කරිජ්ජ පාගපු මහින්ද රාජපක්ෂට තෝරාගෙන් මෝරා වෙන් කරගන්නත් පුළුවන්. ඒ වගේම පරවාගෙන් පරයා වෙන්කරගන්නත් පුළුවන්.” යනුවෙනි

ත්‍රස්තවාදය ඉදිරියේ දණ නොනැමූවා dc63f2ec8b7abe06cab993c08839ee1a_L

ඔහු මේ අදහස් පළ කලේ අද (17) සවස අනුරාධපුරයේ දී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල රැළිය අමතමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීම සඳහා ඕනෑම පරිත්‍යාගයක් කිරීමට තමා සූදානම් වග පැවසූ රාජපක්ෂ මහතා, 1977 සිට 2005 වනතුරු සිටි සෑම රාජ්‍ය නායකයෙකුම ත්‍රස්තවාදය ඉදිරියේ දණ ගැසූ බව ද ප්‍රකාශ කළේ ය.

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් කොටින්ට ආයුධ දුන් බව සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විස්න් හමුදා බුද්ධි අංශ නිළධාරීන් කොටින්ට පාවාදුන් බව මතකදැයි ජනතාවගෙන් විමසූ රාජපක්ෂ මහතා පැවසූයේ එවන් ද්‍රෝහිකම් තමන් අතින් සිදු වී නොමැති බවත්, තමා මව්බිමට හෝ ජනතාවට ද්‍රෝහි වී නැති බව යි.

විදේශ බලවේග ඉදිරියේ තමා කොන්ද නොනැමීම සහ තමාට විරුද්ධ මෙරට බලවේග හමුවේ දණින් නොවැටුණු නිසා තම චරිතය ඝාතනය කෙරෙමින් පවතින බව ද රාජපක්ෂ මහතා පැවසුවේ ය.

 

 

සතොස ‘කාබාසිනියා’ කර ඇති බව සහ ‘මෙගා ඩීල් කරුවන්’ එජාප ලයිස්තුවේ සිටින බවත්,තමන් . තමා සුරා බලපත් හෝ කැසිනෝ බලපත් නොදුන් අතර එජාපය සුරා බලපත් තුන්සියයක් ලබා දී ඇති බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

බැඳුම්කර වංචාවෙන් රජයට අහිමි වූ මුදල් වලින් තවත් අධිවේගී මාර්ග දෙක තුනක් තැනීමට හැකියාව තිබුණු බවත් මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

 

.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.