කරුණු නැති අල්ලස් පැමිණිලි නිසා විමර්ශන ප්‍රමාදයි

 

images (68)

 

ජනාධිපතිවරණයෙන් පසු මේ දක්වා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට දේශපාලනඥයන් සම්බන්ධ පැමිණිලි 40ක් ලැබි ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ගනේෂ් ධර්මවර්ධන මහතා ‘රිවිරට’ පැවසීය.
එසේම ඇතැම් පාර්ශ්වයන් ප්‍රමාණවත් කරුණු නොමැතිව කරනු ලබනු පැමිණිලි හේතුවෙන් විමර්ශන කටයුතු කිරීමට අනවශ්‍ය කාලයක් ගත වන බවද ගනේෂ් ධර්මවර්ධන මහතා ප්‍රකාශ කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත ව්‍යාජ ලෙස පැමිණිලි කරනු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට හැකියාවක් පවතින බවද හෙතෙම සඳහන් කළේය.

රාජගිරියේ පිහිටි දූෂණ විරෝධී පෙරමුණ

මහා පරිමාණ මූල්‍ය වංචනිකයන් දූෂිතයන් හා විවිධ අක්‍රමිකතාවල නියැළී පුද්ගලයන් පිළිබඳ පැමිණිලි කිරීමට පිහිට වූ රාජගිරියේ පිහිටි දූෂණ විරෝධී පෙරමුණ වෙත මේ වන විට මහජන පැමිණිලි 2000කට අධික ප්‍රමාණයක් ලැබි ඇත.විවිධ දේශපාලනඥයන් ආයතන සභාපතිවරුන්, රාජ්‍ය නිලධාරින් ඇතුළු විවිධ තරාතිරමේ පුද්ගලයන්ට එරෙහිව මෙම පැමිණිලි ලැබි ඇතැයි එම පෙරමුණ පවසයි.

ඒ අනුව ලියාපදිංචි තැපෑලෙන් පැමිණිලි 251ක්, සාමාන්‍ය තැපෑලෙන් 1200ක් විද්‍යුත් තැපෑලෙන් පැමණිලි 500ක් සහ ෆැක්ස් මගින් පැමිණිල් 175ක් ලෙස දැනට ලැබි ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 2126කි

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.