කලාවට බදු ගැසීමට ජවිපෙ විරෝධය

bimal-rathnayakeරටක සංස්කෘතියේ ජීවනාලිය බඳු කලාවට බදු ගැසීම නිසා නිර්මාණ බිහි නොවීමෙන් ඇතිවන සංස්කෘතියේ ගරා වැටීම පරම්පරා ගාණකට බලපාන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (6) බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදී පැවති සමාජවාදී කලා සංගමයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

කලා හා සංස්කෘතික කටයුතු වලින් දැවැන්ත ලෙස මුදල් උපයා ගනිමින් බදු මගහරින පිරිස් පිළිබඳව කථා නොකිරීමට ජනතා විමුක්ති පෙරමුණු ප්‍රකාශකයින් ප්‍රවේශම් වෙති.

කලින් පැවති පනතේ තිබුණු බදු සහන 328 නව බදු පනතින් 25 දක්වා අඩුකොට තිබෙනවා. මුල් පනතට අනුව වේදිකා නාට්‍යකරුවන්ට පළමු වසරේ ආදායමින් 50%කට බදු නිදහසක් ලබාදී තිබුණා. නමුත් නව පනතට අනුව වේදිකා නාට්‍ය ආදායමට පළමු වසරේ සිට 100%ක් බදු පනවා තිබෙනවා. ලේඛකයන්ට හා පොත් ප‍්‍රකාශකයින්ට සිය පළමු ප‍්‍රකාශනයේ ආදායමට 50%ක බදු සහනයක් හිමිවී තිබුණ නමුත් නව බදු පනතට අනුව පළමු ප‍්‍රකාශනයේ සිට බදු ගෙවන්න සිදුවෙනවා. ඒ වගේම පැවති පනතට අනුව නව නිර්මාණකරුවන් බදුවලින් නිදහස් කොට තිබුණත් නව බදු පනතට අනුව නව නිර්මාණකරුවන්ට තිබූ බදු සහනය ඉවත්කොට තිබෙනවා. යැයි බිමල් රත්නායක පෙන්වා දුන්නේය.

කුමාරතුංග මුනිදාස මහත්තයා කියලා තිබුණා ”අලූත් අලූත් දෑ නොතනන ජාතිය ලොව නොනගී” කියලා. නමුත් මේ බදු පනතට අනුව කියන්නේ නව නිර්මාණ බිහි නොකළ යුතුයි කියලද? කලා ක්‍ෂේත‍්‍රයේ පමණක් සියලූම ක්‍ෂේත‍්‍රයේ නව නිර්මාණවලට නව පනතින් බදු පනවලා තිබෙනවා. ලෝකයේ ඉහළම පෙළේ විද්‍යාඥයෙකු ලෙස රංගික හල්වතුර මහත්තයාට සම්මානයක් ලැබුණා. ඔහුට පේටන්ට් බලපත‍්‍ර පහක් හිමියි. එවැනි විශිෂ්ඨ විද්‍යාඥයන්ට ලැබෙන සම්මානවලින් මේ ආණ්ඩුව බදු අයකර ගන්නවා. යැයි බිමල් රත්නායක පවසයි. දියුණු රටවල් රැසක පේටන්ට් බලපත්‍රලාභීන් කෝටිපතියන් බවත් ඔවුන් බදු ගෙවන බවත් මතක තබා ගත යුතුය.

ලලිතකලා කටයුතුවලින් රුපියල් ලක්‍ෂයක් දක්වා ත්‍යාග ලැබෙන කලාකරුවන්ට බදු සහනයක් තිබුණා. නමුත් නව පනතට අනුව එම බදු සහනය ඉවත්කොට තිබෙනවා. අපේ රටේ සාමාන්‍යයෙන් වසරකට බිහි වෙන්නේ ආසන්න ලෙස චිත‍්‍රපට 15ක පමණ ප‍්‍රමාණයක්. චිත‍්‍රපටයක පළමු වසර ආදායම මිලියන 25 දක්වා බදු සහනයක් ලබාදී තිබුණා. එවැනි සහනයක් ලබා දී තිබුණේ චිත‍්‍රපටයක් සඳහා විශාල වියදමක් දැරීමට සිදුවන නිසා. නමුත් නව පනතට අනුව චිත‍්‍රපටයක් පාඩු ලැබුවත් ලැබෙන ආදායමට බදු ගෙවන්න සිදුවෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව සමස්ත කලාවටම බදු පනවනවා. මෙයින් සිදුවෙන්නේ පැහැදිලිවම කලාව වළ දැමීමක් යැයි බිමල් රත්නායක පෙන්වා දුන්නේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.