කව්ද මේ කොළොන්නාවේ මරික්කාර් ?

S M Marikkarඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයන් අතුව වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජාතික වෘත්තීය සමිති මධ්‍යථානය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් පසුගියදා (27) පස්වරුවේ කොළඹ කොටුව දුම්රිපොළ ඉදිරිපිටදී පැවැත්විණි.

තෙල් සංස්ථා සේවකයින්ට පහරදුන් මැරයින් වහා අත්අඩංගුවට ගැනීමට බලකරමින් පැවති මෙම විරෝධතාවය සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු කේ.ඩී. ලාල්කාන්ත මහතා, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා, ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා, ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා ඇතුළු වෘත්තීය සමිති නායකයින් ගණනාවක් ඊට එක්වී සිටියහ.

පාර්ලිමේන්තු විවාදයේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා මරික්කාර් ගේ මැරයින් වර්ජකයින්ට පහර දුන් බව පැවසුවේය. තමන් ගේ ඇඟිලි දහයම පිරිසුදු බවත් තමන් මේ ප්‍රහාර වලට සම්බන්ධ නැති බව මරික්කාර් ම්හ්ත්‍රීවරයා පැවැසුවේදැඩි බාධා කිරීම් මැද්දේය.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැවසුවේ තමන් එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයාට චෝදනා නොකළ බවයි. ‘මම කථා කළේ කොලොන්නාවේ මරික්කාර් කියන මැරයා ගැන‘ යැයි විමල් වීරවංශ පැවසුවේය. ‘තොප්පිය හරි නම් දාගන්න‘ යැයි රංජිත් සොයිසා පැවසුවේ ඒකාබද්ධයේ ඔල්වරසන් මැද්ද්දේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.