කව්ද මේ පිල් පනින රත්නපුර මන්ත්‍රි

unknownපළාත් පාලන මැතිවරණයට පෙර ඉදිරි දින කිහිපයේදී දේශපාලන පිල් මාරුවීම් කිහිපයක් සිදුවීමට ඉඩ තිබෙන බවට ආරංචි පැතිර යමින් තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨයෙක් පැවැසීය.

මීට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයකු ලබන 21 වැනිදා එක්සත් ජාතික පක්ෂයට එක්වීමේ සූදානමක් පවතින බවට පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී කතාබහ කෙරුණු බව වාර්තා වෙයි.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී ආණ්ඩුවට සහාය පළ කිරීමේ සූදානමක් තිබෙන බවටද ආරංචි පැතිර යයි.

මේ ගැන ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතාගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු පැවැසුවේ අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ඒකාබද්ධ විපක්ෂයේ නාම යෝජනා සකස් කිරීමටද සහයෝගය ලබාදුන් බවයි. එම මන්ත්‍රිවරයා තමන් සමඟ නාම යෝජනා සකස් කිරීමේ කටයුතුවලට සහභාගි වූ බවත් ආණ්ඩුවට යෑම ගැන කිසිදු සංඥාවක් නොවූ බවත් නානායක්කාර මන්ත්‍රිවරයා වැඩිදුරත් සඳහන් කෙළේය.

මේ සම්බන්ධයෙන් ජෝන් සෙනවිරත්න ගේ ඇමතිවරයා ගේ නම කීප තැනක සඳහන් වී ඇතත් ඔහු ගෙන් ඒ පිළිබඳව කිසිත් ප්‍රකාශ වී නැත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.