කව්රු තේරුවත් විවේචන -තේරීම් කමිටු‍ සභාපති

ක්‍රීඩකයින් තේරීම පමණක් තේරීම් කමිටුවක වගකීම නොවන බව ජාතික ක්‍රිකට් තේරීම් කමිටු‍වේ සභාපති කපිල විජේගුණවර්ධන මහතා පවසයි.

  සම්මුඛ සාකඡාවකට එක්වෙමින් විජේගුණවර්ධන මහතා මේ අදහස් පළ කළේ ය.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ අදි ශිෂ්‍යයෙකු කපිල විජේගුණවර්ධන මහතා 1988 වසරේ සිට 1992 වසර දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ ය.

සී.සී.සී. ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ දක්ෂ දකුණත් වේග පන්දු යවන්නෙකු වූ කපිල විජේගුණවර්ධන මහතා ටෙස්ට් තරග 2 කට සහ එක්දින තරග 26 කට ක්‍රීඩා කර තිබේ.

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ වගකීම් පැහැදිලි කළ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, තේරීම් කමිටු එල්ල වන බලපෑම් සහ විවේචන සාමන්‍ය දෙයක් බව ය.

මෙරට ක්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායමට ඇතුළත්වීමට ඇත්තේ, ඉතා සීමිත අවස්ථාවක් බව ද තේරීම් කමිටු සභාපතිවරයා මෙහිදී සඳහන් කළේ ය.

 

[vsw id=”/1xWM3iRW9gw” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.