කහඳගමගේ කප්පම් එකතු කරලා

මහින්ද කහඳගම කඩවලින් රු.50 සිට 500 දක්වා එකතු කරලා

අත්අඩංගුවට ගනු ලැබූ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති, කොළඹ සන්ධාන නාගරික මන්ත‍්‍රී මහින්ද කහඳගමගේ ලබන 20 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ස්වයං රැකියා නියුක්තිකයන්ගෙන් මුදල් ලබාගෙන ඒවා අයථා ලෙස භාවිත කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනායි. තවද මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ එම සම්මේලනයේ ලේකම්වරයා සහ භාණ්ඩාගාරිකවරයා ද 20 වන දා දක්වා බන්ධනාගාර ගත කිරීමටයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කර ඇත්තේ.

පදික වෙළෙඳුන්ගෙන්, ජංගම වෙළෙඳුන්ගෙන් හා ත්‍රිරෝද රිය වෙළෙඳුන්ගෙන් නීති විරෝධී ලෙස මුදල් එකතු කළැයි කියන සැකකරුවන් රුපියල් 50 සිට 500 දක්වා වන මුදලක් දිනපතාම මාර්ගය දෙපස කඩකාමර 289 කින් හා කඩවල් 539 කින් එකතු කර ඇති බවද සඳහන්.

Kahndagamage collected ransom.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.