කහවත්තේ වෙඩි තැබීම සංවිධානාත්මකයි

DSC00093
දැනට ලැබී ඇති වාර්තා අනුව  කහවත්තේදී විපක්ෂයේ පොදු අපේක්ෂක ආධාරකරුවන්ට වෙඩි තැබීම සංවිධානාත්මක ව සිදුවූ කටයුත්තක් බව පෙනෙන්ට තිබේ.
ඡන්ද පොළට එන ඡන්දදායකයින් වලක්වා ගැනීම් අරමුණ බැහර කළ නොහැකි බව විපක්ෂ ආරංචි මාර්ග කියා සිටී. වෙඩිතබා ඇත්තේ ස්වයන්ක්‍රීය  අවි ආයුධ වලිනි.
[vsw id=”/9agV05XG2yk” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]
 ‘‘කහවත්තේ අහිංසක එජාප ආධාරකරුවන් තිදෙනකුට වෙඩි තැබීම දැඩිව හෙළා දකිනවා. ගිනි අවි රැගෙන අහිංසකයින්ට වෙඩි තබා චණ්ඩි පාට් දැමූ අයට කහවත්තේ ජනතාව අමතක නොවන පාඩමක් උගන්වා තිබෙනවා. මේ එජාප ආධාරකරුවන් තිදෙනාගේ ජීවිතවලට හානියක් සිදුවුවහොත් ඒ වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවන්න මම සූදානම්. මැර දේශපාලනයෙන් ජනාධිපතිවරණය දිනන්න අපි ඉඩ තබන්නේ නැහැ‘‘යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරළ මහත්මිය කියා සිටී.කහවත්තේදී විපක්ෂයේ පොදු අපේක්ෂක ආධාරකරුවන්ට වෙඩි තැබූවැයි සැකකෙරෙන නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළු කණ්ඩායම පැය 48ක් තුළ අත් අඩංගුවට නොගතහොත් රත්නපුර පොලිස් අධිකාරි කාර්යාලය අසල උද්ඝෝෂණයක් සිදුකරන බව ඈය වැඩිදුරටත්  කියා සිටියාය.කහවත්ත නගරයේ ජනපතිවරණ ප්‍රචාරක වේදිකාවක සැරසිලි කරමින් සිටි කහවත්ත වෙළඳ සංගමයේ ලේකම් කරුණාසේන ශාන්ත දොඩම්ගොඩ හා බර්ටි යන එක්සත් ජාතික පාක්ෂිකයන් තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.ශාන්ත දොඩම්ගොඩ මහතාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි. වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවටවිදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, සබරගමු පළාත් සභා මන්ත්‍රී අරුණ නිලන්ත ජයසිංහ සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති වජිර දර්ශන ද සිල්වා යන තිදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදරිපත් කරන ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා අද (05) නියෝග කළේය.ජනාධිපති අපේක‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැස්වීමක සැරසිලි කරමින් සිටි පිරිසකට වෙඩිතැබීම, තිදෙනෙකුට තුවාල සිදුකිරිම, සැරසිලි කඩා දැමීම සම්බන‍ධයෙන් කහවත්ත පොලිසියට ලද පැමිණිල්ලක් සම්බන‍ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

එසේම සැකකරුවන්ට රටින් පිටවීම ද තහනම් කළ මහේස්ත්‍රාත්වරයා ඒ බව ආගමන විගමන දෙපාර්තමේන්තුවට දන්වා යැවීමටද නියම කලේය.

කහවත්ත නගරයේ දි අද (05) අලූයම දෙකට පමණ සිදුවු වෙඩි තැබීමකින් කරුණාදාස වීරසිංහ, ශාන්ත දොඩම්ගොඩ සහ තවත් එක් පුද්ගලයෙක් තුවාල ලදහ. නියෝජ්‍ය අමාත්‍යවරයා, පළාත් සභා මන්ත්‍රීවරයා සහ ප්‍රාදේශීය සභා සභාපතිවරයා තවත් පිරිසක් ද සමග වාහන කිහිපයකින්  පැමිණ අලූයම දෙකට පමණ මෙම වෙඩි තැබීම කර ඇතිබව පොලිසිය අධිකරනයට කරුණු දැන්වීය.

 

එම චෝදනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර කියා සිටියේ’අය විසින්ම තියපු එකක් වැදිලා වෙන්න ඇති ගොඩාක් දුරට’ යනුවෙනි

 

 

‘හාර පන්සීයක වගේ සෙනගක් හිටියා. වාහනත් ගොඩක් තිබුණා. ඒ වෙලාවේ අපේ කාර්යාලයට ගහනවා දැක්කා. එහෙම කරලා අපේ මිනිස්සුන්ට ගහන කොට පොලීසියෙන් හිටියා. මම ඇහුවා මොකක්ද මේ කරන්නේ, බලා ඉන්නේ කියලා. නෑ නෑ මේක අපි විසදන්නම් කියලා යන්න කිව්වා. මගේ ආරක්ෂක නිලධාරිනුත් කිව්වා කට්ටිය ගොඩක් ඉන්න නිසා මෙතනිං යමු කියලා. අපි හරෝගෙන ගියා. ඒ යන කොටත් පොලු ගල් ගගහ ඉස්සරහට ආවා. අපි එතනින් ආවාට පස්සේ වෙච්ච දේවල් මම දන්නේ නෑ.’ නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේය.

.

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.