කළු කොඩි වෙනුවට බෞද්ධ කොඩි ඔසවන්න ඕමල්පේ සෝභිත හිමි

Buddhist-flagපසුගිය මැයි පළමු දින ඒකාබද්ධ විපක්ෂය විසින් ගෝල්ෆේස් පිට්ටනියේ දී සංවිධානය කරන ලද මැයි රැළියේ දි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල්වීරවංශ මහතා ජාත්‍යන්තර වෙසක් දිනට පැමිණෙන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ පැමිණිමට විරුද්ධව ශ්‍රි ලංකා ජනතාවගෙන් ඉල්ලා සිටියේ කළු කොඩි ඔසවන ලෙසය.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අප හෙළ බොදුනුවන් ලෙසින්ද, සමස්ථ භික්ෂූන් වහන්සේලා වශයෙන් ද, විමල් විරවංශ මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සංවේගය පළ කර සිටිමු. තමන්ගේ දේශපාලන අරමුණු සමඟ බුදුන් වහන්සේගේ 2561 වැනි තෙමඟුල සිහිපත් කරන මෙම මොහොතේ සම්බන්ධ නොකර ගන්නා ලෙසත්, ඉතා කාරුණිකව අප ඉල්ලා සිටිමු. ඉන්දීය අගමැතිතුමා බුදුන් උපන් දේශයේ නායකයාය.එසේම අප මේ සමරන්නේ 14 වැනි ජාත්‍යන්තර වෙසක් සැමරීමයි. මෙවැනි අවස්ථාවක ලංකාව පුරා බෞද්ධ කොඩි හා වෙසක් සැරසිලි අතර කළු කොඩි එසවීම බෞද්ධ අපිට සුදුසු ක්‍රියාවක් නොවන බව අප තරයේ වටහා ගත යුතුය.

විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයෙන් හෝ වෙනත් කෙනෙකුගේ ප්‍රකාශයෙන් අප රටේ බෞද්ධයන් මෙම අවස්ථාවේ කළු කොඩි ඔසවනු ඇතැයි නොසිතමු. 

එම නිසා  කළු කොඩි වෙනුවට බෞද්ධ කොඩියක් ඔබගේ නිවසේ හා වාහනයේ ව්‍යාපාරික ස්ථානයේ සරසා ගෙන මෙම ජාත්‍යන්තර වෙසක් සැමරීමට අප සැම ශ්‍රද්ධාව මුල් කරගෙන ආමිස හා ප්‍රතිපත්ති පුජාව අගයමින් මෙම අගනා අවස්ථාව අප නිසි ප්‍රයෝජනය ගන්නා ලෙස අප සමස්ථ ලංකාවාසීන්ගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි !

ආචාර්ය ඕමල්පේ සෝභිත නායක ස්ථවිර

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!