කළු මහින්ද සුදු වෙන්න හදනවා-කබීර්

561072378kabir-hashim2මහින්ද රාජපක්ෂගේ දස වසරක පාලන සමය යනු තර්කයන් හා බොරුවෙන් සත්‍ය යටපත් කළ කාල පරාසයක් බවත් දැන් ඔහු යළිත් වතාවක් තර්කයෙන් හා බොරුවෙන් මහ පොළොවේ ඇත්ත යටපත් කිරීමට පසුගිය ජනාධිපතිවරණ සමයේ දී තමන්ට එරෙහිව එල්ල වූ චෝදනා අමූලික බොරු බේගල් බව කියමින් ප්‍රචාරක යුද්ධයක් අරාඹා තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් පවසයි.

විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් අවදාරණය කරනුයේ පුවත්පත් පිටු පුරා දැන්වීම් පළ කරමින් තම කළු චරිතයට ගිලිහුණු වටිනාකමක් ලබා ගැනීමේ බාල උත්සාහයක හිටපු ජනාධිපතිවරයා හා ඔහුට සහාය දෙනල ඔහුගේ පහනින් දියවන්නාව තරණය කිරීමට සිහින දකින කණ්ඩායම් නිරතව සිටින බවත් එම බොරු බේගල් සමාජ ගත කිරීමේ දී නම සදහන් කිරීමට පවා ධෛර්යයක් හිටපු ජනාධිපතිවරයාට හා ඔහුගේ අන්තේවාසිකයන්ට නොමැති බවත්ය.
මහ ලේකම්වරයා නිකුත් කළ විශේෂ ප්‍රවෘත්ති නිවේදනයේ තවදුරටත් මෙසේද සඳහන් වෙයි.”මහින්ද රාජපක්ෂ චරිතය උත්කර්ෂයට නැංවීම වෙනුවෙන් පසුගිය 21 වැනි දා ජාතික පුවත්පත් කිහිපයක පළ කර තිබූ දැන්වීමක සඳහන් කර ඇත්තේ තවමත් පරීක්ෂණ අවසන් නොවූ කාරණා කිහිපයක් පිළිබඳවය. එවැනි පසුබිමක මෙවැනි දැන්වීමක් පළ කිරීම යනු එම පරීක්ෂණ කටයුතුවලට කරන අයුතු මැදිහත් වීමක් බව පැහැදිලිය. අනෙක් අතට මෙම දැන්වීම පළ කර ඇත්තේ එය ප්‍රකාශයට පත් කරන්නා කවුරුන් ද යන්න පිටතට ප්‍රකාශ නොකරමිනි. එබැවින් එම දැන්වීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම එහි නෛතික පදනම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාගේ අවධානය වහා යොමුවිය යුතුය. ඒ මෙම ක්‍රියාවම ඉදිරියේ දී යළිත් සිදුකිරීමට ඉඩ ඇති බැවිනි.

මහ මැතිවරණය ආශ්‍රිත ප්‍රචාරක ක්‍රියාවලිය තුළ එක්සත් ජාතික පෙරමුණට දිනෙන් දින හිමිවන ඉහළ ජනතා සහයෝගය හමුවේ රාජපක්ෂ හිතවාදීන් පරාජයෙන් වියරු වැටී සිටින ආකාරයක් පෙනෙන්නට තිබේ. කෙතරම් බොරු අවලාද සමාජගත කළ ද ජනවාරි 08 වැනි දා රටේ සිදු වූ නිහඬ විප්ලවය ආපසු හැරවීමේ කැමැත්තක් තමන්ට නොමැති බව ජනතාව යන යන තැන එක හඬින් රොද බඳිමින්, පෙන්වමින් සිටිති. එය දරාගත නොහැකි මහින්ද රාජපක්ෂ මන්ත්‍රීධූර අපේක්ෂකයා ජනතා නායකයෙකුට අනිවාර්යෙන් තිබිය යුතු සංසුන් මනස ද දැන් අහිමි කර ගෙන ඇත. එය හිටපු ජනාධිපතිවරයා වෙතින් ගිලිහෙමින් ඇති ආකාරය පසුගිය 21 වැනිදා අකුරැස්සේ කුප්‍රකට සිදුවීමේ දී මුළු රටටම දැනගත හැකි විය. අද මේ රටට අවශ්‍යව ඇත්තේ සංසුන් මනසක් සහිත ප්‍රතිවිරුද්ධ මතවාද ඉවසා සිටීමට තරම් ධෛර්යයක් ඇති පුද්ගල පෞරුෂයක් මිසක රාජපක්ෂ මහතා වැනි සාමාන්‍ය ජනතාව සමග පොර බදන්නකු නොවේ. මේ රට ඉදිරියට ගෙන යා හැක්කේත්, රට තුළ ස්ථාවරභාවයක් ගොඩනැගිය හැක්කේත් සංසුන් මනසක් හා ඉදිරි දැක්මක් සහිත නායකයෙකුට බව ජනතාව අද වේගයෙන් තේරුම් ගනිමින් සිටිති.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.