ක්ලික් ප්‍රහාරය ගැන සමාජ ශාලා හිමියා ඉදිරිපත් වුනේ ඇයි?

කොළඹ කොම්පඤ්ඤවීදියේ ‘ක්ලික්‘ නමැති රාත්‍රී සමාජ ශාලාවේ 09 දා පාන්දර සිදුවූ ගැටුම සම්බන්ධයෙන් විවිධ බොරු ප්‍රචාර පැතිර යන බැවින් එහි කළමණාකරු ක්‍රිස්ටෝපර් නමැත්තා වීඩියෝවක් සමාජ ජාලා වෙත මුදා හැර තිබේ.

මෙම ගැටුමට ප්‍රභූ පුතෙකු සම්බන්ධ බව චෝදනා එල්ල වු පසුවයි මෙම වීඩියෝව නිකුත් කොට ඇත්තේ. ඇතැම් මාධ්‍ය යෝජනා කරන  පරිදි මෙම ගැටුමට ප්‍රභූ පුතෙකු සම්බන්ධ නම් එය වසං කිරීමට  ‘ක්ලික්‘ අයිතිකරුවන් ඉදිරිපත් වීම ස්වාභාවිකය. පහර දීමට ලක් වූ ආරක්ෂක භටයා කියා සිටින්නේ තමන්ට කිසිත් මතක නැති බවයි.

එම ගැටුම සිදුවන අවස්ථාවේ තමාද සේවයේ නියුතුව සිටි බවත් ගැටුම අවස්ථාවේදී හෝ ඊට පෙර හෝ කිසිදු ප්‍රභූ පුතෙකු එහි සිටියේ නැතැයි කළමනාකරු කියා සිටි .

ප්‍රශ්නය වන්නේ සිටියේ කවුරුන්ද යන්නයි. පොලීසිය මේ ගැන  කියන්නේ  කුමක්දැයි දැනගනීමට මේ රටේ පුරවැසියන් අවධානයෙන් සිටින බව ආණ්ඩුව මතක තබා ගත යුතුය.

මේ අතර සිද්ධිය දැන ගත් වහාම තරා තිරම නොබලා පරීක්ෂණ කර වැරදිකරුවන් නීතිය ඉදිරියට පමුණුවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සිට ආරක්ෂක ප්‍රධානීන් අමතා නියෝග කොට ඇත. මේ නියෝගය ක්‍රියාත්මක වන ආකාරය විමසීම වැදගත්ය

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

One thought on “ක්ලික් ප්‍රහාරය ගැන සමාජ ශාලා හිමියා ඉදිරිපත් වුනේ ඇයි?

  • October 12, 2016 at 4:28 pm
    Permalink

    Meya hari lassanata siidiya wahala kathakaranawa ne. Ai ochchara boru kiyanne.Lokkage putha hindada. Bari welawath Mahinda mahaththayage kage ho athin waradilawath weeduruwakwath kaduna nam ohoma hangala kathakaraida.Maara pracharayak dawasa ganema dei neda. Bayata waradi karuwan nidos karanawa. Thamunta sathya siddiya biyak nathiwa kiyanna bari weema gena lajja wenna oni. Dan mewa karapu aya thamunlamada.Thamunla thamunlatama gahagathtada.Oya pahara deema CCTV amera wala satahan wela nadda. Ekata kalin CCTV camera okkoma off karanna ehema kiuwada..

    Reply

Leave a Reply

Your email address will not be published.