ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ චෝදනා සමඟ තිලාන් සහ ලැබ්රෝයිට ඉහළ තනතුරු!

thilan samaraweeraසංචාරක දකුණු අප්‍රිකාණු පිළ හා තරඟ වැදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ තනතුරුවල වෙනසක් සිදුකිරීමට කටයුතු කරගෙන යන බව  ආරංචි මාර්ග පෙන්වා දෙයි. එහිදී ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ලෙස තිලාන් සමරවීර මහතා පත්කිරීමට නියමිත අතර ග්‍රැහැම් ලැබ්රෝයි මහතා නව කළමණාකරු ලෙස පත්කිරීමට නියමිත වේ.
පසුගිය කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් මහතාට එල්ල වූ පන්දුව වෙනස් කිරීමේ චෝදනාවත් සමග  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින්  තරඟ වැදීම ප්‍රතික්ෂේප කළ අතර ඊට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්  ගෙන ඇති පියවර සමග  මෙසේ නව තනතුරු පත්කිරීමට  කටයුතු කෙරේ.
 හිටපු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ, කළමණාකාරු අසංක ගුරුසිංහ සහ නාකය දිනේෂ් චන්දිමාල් මෙහිදී චෝදනා ලැබ ඇත.  එහි විමර්ශණ කටයුතු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (10) පැවැත්වීමට නියමිතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.