ක්‍රිකට්: නිශාන්ත රණතුංග සහ සමාගමට චෝදනා සුනිල් හඳුන්නෙත්තිගෙන්

 

 

 

 

රාජපක්ෂ පාලන සමය තුළ ක්‍රිකට් ආයතනයේ සිදු වී ඇති වංචා දූෂණ සම්බන්ධයෙන්  හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාටත් එහි ලේකම්වරයා වන නිශාන්ත රණතුංග මහතාටත් එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අද (02) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය. එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීම සඳහා සහභාගී විය.

එහිදී අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා,

” පසුගිය කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැවැන්ත වංචා, දූෂණ, අක්‍රමිකතා, ක්‍රීඩකයින්ගෙන් පළි ගැනීම් ආදිය සිදු වී තිබෙනවා. මේ සියලුම කාරණාවලට ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ නිශාන්ත රණතුංග මහතාත් ඔහුට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙමින් කටයුතු කළ ක්‍රීඩා ඇමතිවරයාත් ක්‍රිකට් විධායක කමිටුව මෙන්ම අතුරු පාලක මණ්ඩලයද වගකිව යුතුයි.

ඔහු ක්‍රිකට් ආයතනයේ ලේකම් ලෙස කටයුතු කරමින් නීති විරෝධී ලෙස තවත් ආයතන රැසක නිලතල දරමින් කටයුතු කර තිබෙනවා. ක්‍රිකට් ලේකම් තනතුරට අමතරව ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස බලහත්කාරයෙන් නීති විරෝධීව කටයුතු කර තිබෙනවා. මිහින් ලංකා ආයතනයේ ප්‍රධානියකු ලෙස කටයුතු කර තිබෙනවා. මීට අමතරව ක්‍රිකට් ආයතනයේ පසුගික කාලයේ සිදු වු වංචා, දූෂණ, අක්‍රමිකතා රැසක තොරතුරු අපට ලැබිලා තියෙනවා විශේෂයෙන්ම ක්‍රිකට් ලේකම් ලෙස කටයුතු කරමින් සිටින අතර තුර පුද්ගලික නාලිකාවටකට ක්‍රීඩා තරග විකාශය කිරීමේ අයිතිය ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔහු එම නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර තිබෙනවා. මේක බරපතල චෝදනාවක්. ඒවගේම සූරියවැව ක්‍රීඩාංගනය ඉදිකිරීමේදී ඇස්තමේන්තුවට වඩා අසීමිත ලෙස වියදම් වැඩි වෙලා තියෙනවා. මෙවැනි චෝදනා 25ක් අපි අද අල්ලස් කොමිසමට බාර දෙනවා. මේ චෝදනාවටල  ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ නිශාන්ත රණතුංග මහතාත් ඔහුට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙමින් කටයුතු කළ ක්‍රීඩා ඇමතිවරයාත් ක්‍රිකට් විධායක කමිටුව මෙන්ම අතුරු පාලක මණ්ඩලයද වගකිව යුතුයි. ඔවුන්ට විරුද්ධව තමයි මෙම පැමිණිල් අද ඉදිරිපත් කරන්නේ. ‘

 

[vsw id=”/dmHDSfyAj0k” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.