ක්‍රිකට් ම්දාවියන් බුරුතු පිටින් කුඩුවේ

ක්‍රීඩාංගණය අවට ඇතිවූ ගැටුම් හේතුවෙන් වාහන කිහිපයකටද දැඩි අලාභ හානි සිදුවී තිබුණි

ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර සිව්වැනි එක් දින තරඟය සැලසුම් කළ පරිදි ලබන බදාදා කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි  පැවසුවේය.

ඊයේ (19) තරඟය පැවැත්වෙද්දී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම හේතුවෙන්, තරඟය මද වෙලාවකට අත්හිටුවීමට සිදුවූ අතර ක්‍රීඩාංගණය අවට ඇතිවූ ගැටුම් හේතුවෙන් වාහන කිහිපයකටද දැඩි අලාභ හානි සිදුවී තිබුණි.

මේ ගැටුම්වලට සම්බන්ධ හතර දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන අතර වීඩියෝ දර්ශන ඔස්සේ සෙසු පිරිස් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදු කරමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

null

ක්‍රීඩාංගණය තුළ මත්පැන් හා මත්ද්‍රවය භාවිතා කරමින් ක්‍රීඩා ලෝලීන් පිරිසක් තරඟය මුල සිටම අශෝභනව හැසිරුණු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ද පැමිණිලි කිහිපයක් ලැබී තිබේ.

මෙම පිරිස් තරගය නැරඹීමට පැමිණ සිටි විදේශිකයන් අපහසුතාවයට ලක්වෙන ආකාරයෙන් ද හැසිරුණු බවයි වාර්තා වන්නේ.

ඉදිරි තරඟවල දී මෙවන් පුද්ගලයන් කෙරෙහි දැඩි ක්‍රියාමාර්ග ගැනීමටත් ක්‍රීඩාංගණය තුළ හා අවට ආරක්ෂාව තර කිරීමටත් පොලිසිය ක්‍රියා කරනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු බිබිසියට පැවසුවේ.

ක්‍රීඩාලෝලීන් ඉතා සුළු පිරිසකගේ මෙම හැසිරීම, දෙපාර්ශවයේ ම ක්‍රීඩා විචාරකයන්ගේ සහ හිටපු ජාතික ක්‍රීඩකයන්ගේ දැඩි විවේචනයට ලක් විය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.