ක්‍ෂෙනුකා තායිලන්ත තානාපති වෙන්නේ කොහෙමද?-jvp

Kshenuka dancing

එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් විපක්‍ෂයේ සිටියදී චෝදනා එල්ල කළ ජිනීවාහි හිටපු නිත්‍ය නියෝජිත හා විදේශ කටයුතු අමාත්‍යාංශ හිටපු ලේකම් ක්‍ෂෙනුකා සෙනවිරත්න මහත්මිය වත්මන් රජය තායිලන්තයේ තානාපති ලෙස පත්කිරීම සදාචාර නිරෝධී බරපතළ වැරැද්දක්‌ බව ජනතා විමුක්‌ති පෙරමුණ අවධාරණය කරයි.

 

ඇයට බරපතළ මූල්‍ය චෝදනා ඇතුළු චෝදනා රැසක්‌ එල්ල වී ඇති මොහොතක ඒ පිළිබඳ පරීක්‍ෂණයක්‌ පවත්වන තෙක්‌ හෝ ඇය තනතුරකට පත් නොකිරීමට වත්මන් ආණ්‌ඩුවට අඩුම තරමේ සදාචාරයක්‌ තිබිය යුතු බව ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (15 දා) “දිවයින” ට පැවසීය.

 

වත්මන් ආණ්‌ඩුව යහපාලනය පිළිබඳව කතා කළත් එය භාවිතයෙන් ඔප්පු නොවන්නේ නම් එහි ඇති යහපාලනයක්‌ නොමැති බවද හෙතෙම පැවසීය.

 

ජිනීවා නිල නිවස අලුත්වැඩියාවේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකළ විගණන පරීක්‍ෂණ වාර්තාවේදී සෙනවිරත්න මහත්මියට චෝදනා එල්ල වී ඇති බවත්, අලුත්වැඩියාව සිදුකිරීමට කොටි හිතවාදී ටෙන්ඩර් සමාගමකට ටෙන්ඩර් කැඳවීමෙන් තොරව ලබාදී ඇති බවට චෝදනා එල්ලව තිබූ බවත් විජිත හේරත් මහතා කීය.

 

මෙම සිදුවීම් මගින් පෙනෙන්නේ යහපාලනයට බාධා සිදුකරනුයේ වෙන කිසිවකු නොව ආණ්‌ඩුවේම උදවිය බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

තමාරා කුණනායගම්

[vsw id=”/hD_9jOYKZl0″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය තායිලන්තයේ තානාපතිනිය ලෙස පත් කිරීමේ ක්‍රමවේදය ගැටලු සහගත බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ජිනීවා හි හිටපු නිත්‍ය නියෝජිත තමාරා කුණනායගම් මහත්මිය පවසයි.

සෙනෙවිරත්න මහත්මිය ජිනීවා නුවර නිත්‍ය නියෝජිතවරිය ලෙස කටයුතු කළ සමයේ ඇගේ නිල නිවස අලුත්වැඩියා කිරීමේ ගනුදෙනුව පිළිබඳව කළ විගණන පරීක්ෂණයේ වාර්තාව පසුගිය දිනවල දැඩි කතාබහට ලක් විය.

නිත්‍ය නියෝජිතවරියක වන තමරා කුණනායගම් මහත්මිය එම විගණන පරීක්ෂණය ඉල්ලා සිටියා ය.

ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත නිල නිවස අලුත්වැඩියාවේදී සිදුවූ අක්‍රමිකතා ගැන තොරතුරු හෙළිවූයේ, ෂෙනුකා සෙනෙවිරත්න මහත්මියට පසු එම ධුරයට පත් වූ තමාරා කුනනායගම් මහත්මිය කළ හෙළිදරව්වකිනි.

ඒ අනුව සිදුකළ විගණන පරීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දී තිබු‍ණේ නිසි ටෙන්ඩර් පටිපාටියකින් ‍තොරව, එල්.ටී.ටි.ඊ. හිතවාදී සමාගමකට එම ප්‍රතිසංස්කරණ භාරදී ඇති බව ය.

එහෙත් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය එම කොන්ත්‍රාත්තුව එල්.ටී.ටි.ඊ. හිතවාදී සමාගමකට ලබා දී තිබුනේ නොදැනුවත්ව බව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අජිත් පී. පෙරේරා මහතා ඊයේ ප්‍රකාශ කළේ ය.

ආයතනික පරීක්ෂණය මෙතෙක් අවසන් නොමැති අතර නොදැනුවත්ව කරන කටයුතු වරදක් වන්නේ කෙසේදැයි නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ප්‍රශ්න කළේ ය.

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.