කාගෙවත් පුද්ගලික ප්‍රශ්න මගේ ප්‍රශ්න නොවේ-මෛත්‍රී

si

 

 

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකත්වය බලා පොරොත්තු වීම සම්බන්ධයෙන් ඊයේ (17) පොළොන්නරුවේ පැවැති උත්සවයකදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැඩි ප්‍රකාශයක් සිදු කළේය. එහිදී ඔහු අවධාරණය කර සිටියේ මට කාගෙවත් පුද්ගලික ප්‍රශ්න වෙනුවෙන් කැපවෙන්න වුවමනාවක් නැහැ යනුවෙනි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා, විපක්ෂ නායකවරයා, සන්ධානයේ මහලේකම්වරයා ඇතුළු පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් සභා මන්ත්‍රීවරුන් පළාත් පාලන ආයතන නියෝජිතයින් සහභාගී වී සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා…

”මේවට අකමැතිව කෑගහයි. කාලයක් තිස්සේ පුරුදු වෙච්ච දේවල් තියෙනවා. ඒවා පිටිපස්සේ තව තව දේවල් තියෙනවා. එහෙම වෙන්න දෙන්න බැහැ. අලුත් ආණ්ඩුවක් කියන්නේ ඒකයි. මට කවුරුවත් එක්ක පුද්ගලික ගනුදෙනු නැහැ. ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් කැපවෙනවා මිසක් මට කාගෙවත් පුද්ගලික ප්‍රශ්න වෙනුවෙන් කැපවෙන්න වුවමනාවක් නැහැ.” යනුවෙන් පැවසීය.

 

[vsw id=”/4VKuHj43JoY” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.