කාන්තාවන්ගේ අඟ පසඟ අතගාන තී‍්‍ර විල් රියදුරන්ගෙන් ප‍්‍රවේශම් වන්නැයි ඇමරිකානු කාන්තාවන්ට අනතුරු ඇඟවීමක්

3wheelerශී‍්‍ර ලංකාවේ තනියම සංචාරය කරන කාන්තාවන් වෙත අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර සිටින ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටින්නේ කාන්තාවන් තී‍්‍රවිල් රථයකින් ගමන් කල යුත්තේ අත්‍යාවශ්‍ය අවස්ථාවකදී පමණක් බවයි. යම් හෙයකින් නොවැලැක්විය හැකි හේතුවක් මත තී‍්‍ර රෝද රථයකින් ගමන් කිරීමට සිදුවන්නේ නම් ලියාපදිංචි සමාගමකට අයත් තී‍්‍ර රෝද රථයක් භාවිතා කරන ලෙසත් ඔවුන් නිවේදනය කර සිටී.

ඇමරිකානු කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිකුත් කොට ඇති මේ වාර්තාව කරන හෙලිදරව්ව පිළිබඳව ශී‍්‍ර ලංකාවේ කාන්තාවන්ද දැනුවත් විය යුතුය. විශේෂයෙන් තී‍්‍ර රෝද රථ රියදුරන්ගේ විනය පිළිබඳව සොයා බැලීමට විදිමත් වැඩ පිලිවෙලක් නැති අවස්ථාවකදී ඔවුන්ගේ ආරක්ෂාව සලසා ගැනීම සඳහා වඩා දැනුවත්ව ගමන් කිරීම වැදගත් වේ. ගමනාත්තයේදී කාන්තාවන්ගේ අඟ පසඟ අතගෑමේ සිද්ධින් රැසක් වාර්තා වී ඇති බවයි ඇමරිකානු වාර්තාවේ සඳහන් වන්නේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.