කාන්තා ව්‍යවසායකයින්ට මංගලගෙන් සැලකිලි!

mangala samaraweera2020 වන විට ව්‍යවසායකින් ලක්ෂයක් බිහිකිරීම සඳහා රජය ආරම්භ කර  ඇති සැලසුම තුල, කාන්තා ව්‍යවසායින්ට  සහන රැසක් හිමි වේ.

මේ යටතේ කාන්තා ව්‍යවසායකින් හට ලබා දෙන ණය වලින් 10% ක පොලී ප්‍රතිශයතයක්  නිදහස් කෙරේ. එසේම මුළු ව්‍යවසායකින්ගෙන් 50% ක් කාන්තාවන් විය යුතු වේ.

ජුනි 21 වන දින ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ව්‍යවසායකින් බිහි කිරීමේ ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් බිලිනය 5.2 ක් වන  අතර ණය ක්‍රම 16 ක් යටතේ මේ සඳහා මුදල් ලබා දීමට රජය කටයුතු කරනු ඇත.

මේ වන විට රැකියා විරහිත  තරුණ පිරිස 150,000 ක් පමණ රට පුරා විසිරී සිටී. මෙවැනි පිරිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම, පාතාල  ක්‍රියාවලට මැදිහත් වීම ආදී විවිධ අක්‍රමිකතාවලට යොමුවීම වැලැක්වීම ද ඔවුන්ගේ මනස ධෛර්යසම්පන්න කරමින් ඔවුන්ට ඵලදායි දිවියක් ලබා දීමද   මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කෙරෙන බව පසුගියදා බැංකු වෘත්තිකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අමතමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හෙලි කලේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.