කාන්තා සුරතාන්තය සහ ස්වයංවින්දනය

 

 

 

orgasam1

 

සුරතාන්තය යනු ලිංගික ප්‍රතිචාර චක්‍රය තුලදී සමුච්චිත ලිංගික ආතතිය ක්ෂණිකව මුදාහැරීම වන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් උකුළු පෙදෙසෙහි රිත්මයානුකූල මාංශ පේශි හැකිලීම් හා සමගින් රතිය අතිමහත් ලෙසින් සංවේදනයක් සිදුවෙයි. [ පුරුෂයන් හා ස්ත්‍රීන් යන දෙවගයටම අත්විඳිය හැකි සුරතාන්ත පාලනය වන්නේ අනිච්ඡානුග හෝ ස්වයංසාධක ස්නායු පද්ධතිය මගිනි. වෙනත් අනිච්ඡානුග ක්‍රියාවන්ද බොහෝවිට මේවා සමග ආශ්‍රිතව සිදුවන අතර, කයෙහි බහුවිධ ප්‍රදේශයන්හී මාංශ පේශීමය ගැස්මන්, සාමාන්‍ය ප්‍රමුදිත හැඟීමක් සහ, බොහෝ විට, කාය චලනයන් සහ හඬ නැගීම් සිදුවීමද මේවා අතර වෙති.

 

මෑතකදී රට්ගර්ස් විශ්ව විද්‍යාලයේ (Rutgers University) විද්‍යාඥයින් පිරිසක් ස්ත්‍රී මොළය සුරතාන්තයට (orgasm) එළඹෙන ආකාරය, එය විඳගන්නා අවස්ථාව සහ ඉන් ඉවත්වන ආකාරය ස්ත්‍රී මොළයේ ස්කෑන් ඡයාරූප එකතුවක් පණගැන්වීමෙන් (animation) ලොව පළමු ස්ත්‍රී මොළයේ සුරතාන්ත සිතියම චිත්‍රපටයට නගන්නට සමත් වී තිබේ. fMRI තාක්ෂණය යොදාගත් මේ පර්යේෂණයට දායක වු අය අතර ප්‍රධාන තැනක් ගන්නේ ඊට සහභාගිවෙමින් පර්යේෂකයන් නීරීක්ෂනය කරද්දී MRI යන්ත්‍රයක වැතිරී සුරතාන්තයට තමාවම උත්තේජනය කරගත් කේට් සුකෙල්ය (Kayt Sukel)

 

 

සුරතාන්තයට පත් වන පුද්ගලයන් අධ්‍යයනය කිරීමෙන් සුරතාන්තයට පත් විය නොහැකි රෝග වලින් පීඩා විදින අයගේ මොළයේ ක්‍රියාකාරීත්වය වටහාගන්නට මහාචාර්ය බැරී කොමිසාරුක් (Barry Komisaruk) ඇතුළු විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.

[vsw id=”/Xqj9auWq-hc” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සෑම තත්පර දෙකකටම වරක් ගත් ස්කෑන් ඡයාරූප ආධාරයෙන් නිමවූ විනාඩි පහක චිත්‍රපටියෙන් පෙන්වන්නේ මොළයේ ප්‍රදේශ 80 ක පමණ ක්‍රියාකාරීත්වය වෙනස්වන ආකාරයයි. තද රතු පැහැයෙන් පෙන්වන්නේ ක්‍රියාකරීත්වය අඩු අවස්ථාවන් වන අතර, කහ සුදු පැහැයෙන් පෙන්වනේ ක්‍රියාකාරීත්වය වැඩි අවස්ථාවන්ය.

සංවේදන බාහිකයේ ලිංගික ප්‍රදේශයෙන් ඇරඹෙන ස්ත්‍රී සුරතාන්තය පසුව හැඟීම් සහ දිගුකාලීන මතකය සම්බන්ද කොටස් වලට පැතිරේ. ක්‍රමයෙන් සුරතාන්තය එළඹෙත්ම, අනුමෂ්තිෂ්කයේත් පූර්ව මොළයේත් ක්‍රියාකාරීත්වය ඉහළ යනු දැකිය හැකියි. දැඩි පේශි ආතතියත් සමඟ ක්‍රියාකාරීත්වය ඉහළම අගයක් ගන්නේ හයිපොතැලමසයේය. මේ සමඟ ඔක්සිටෝසින් ස්‍රාවය නිසා සතුටුදායක හැඟීමක් සමඟ ගර්භාෂය සංකෝචනය වීම සිදුවේ. Nucleus accumbens නැමැති ප්‍රීතිය හා සම්බන්ධ ප්‍රදේශයකද ක්‍රියාකාරීත්වය ඉහළම අගයක් ගනී.

සුරතාන්තයෙන් පසු මොළයේ එම ප්‍රදේශ ක්‍රමයෙන් සන්සුන් වනු දැකිය හැක.

 

මේ ක්‍රමය මොළයේ එක් එක් ප්‍රදේශවල සම්බන්ධතාව අධ්‍යයනය කිරීමට සුදුසුම එකක් බව මහාචාර්ය කොමිසාරුක් පවසයි. මේ ක්‍රමය මගින් සුරතාන්තයෙන් තොර රෝගී තත්වයන් (Anorgasmia) ගැන වැටහීමක් ලබාගත හැක්කේ, එම රෝගී තත්ව වලදී මෙම අනුක්‍රමයෙන් මොළයේ සිදු වන ක්‍රියාවලිය අඩපණවන අවස්ථාවන් හඳුනා ගත හැකි බැවිනි.

වොෂින්ටනයේ පසුගිය නොවැම්බරයේ පැවැති වාර්ෂික ස්නායුවිද්‍යා සම්මන්ත්‍රණයේදී මේ පර්යේෂණ ප්‍රතිඵල හෙළිදරව් කෙරුණි.

 

 

 

කේට් සුකෙල්ගේ පොත, Dirty Minds: How Our Brains Influence Love, Sex and Relationships,  නිකුත් වී ඇත.ඇය කියා සිටින්නේ කාන්තාවන් ස්වයංවින්දනයෙන් සුරතාන්තයට පත් වීම විවාහ ජීවිතයේ ගැටළු විසඳාගැනීමට හේතු වන බවයි.එහෙත් වැටකොටු සහිත අපේ සංස්කෘතිය ඇතුලේ අපට මේ ගැන කථා කරන්න ඉඩ තියෙනවද?

මේ ගැන මෙතැන කතා කිරීම සුදුසුද නැද්ද කියල හිතා ගන්න බැහැ. කීපදෙනෙක් හෝ මේ ගැන කථා කරන්න ඉදිරිපත් වුනොත් අපිට ඒ ගැන තව දුරටත් කථා කරන්න පුළුවනි.

 

[vsw id=”/jQmJ0DxhSHU” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

‘‘එක් අගෝස්තු නිවාඩුවක් අවසන ඔන්න මෙන් තිබිය දී මගේ ක්ලිටෝරිසය බනී සොයාගත්තාය. එක් දිනක් ඇය ඇගේ එක් අතක් මගේ ලිංගේන්ද්‍රය අසලට ගෙන ගොස් තබා රහසින් මෙතන අමුතු දෙයක් වෙන තැනක් තියෙනවා යනුවෙන් මගේ කනට කෙඳිරුවාය. ඇය ඇගේ වෙදඟිල්ල තැනින් තැන තබමින් ඇසුවේ මොනවා හරි දැනෙනවාද යනුවෙනි. මම දැස් පියාගෙන ඇය ක්ලිටෝරිසය පිහිටා ඇති තැන අල්ලාගන්නා තුරු අවධානයෙන් සිටියෙමි. එය සොයාගත් ඇය මගේ වෙදඟිල්ල එතැන තබා අතගා බලන ලෙස මගේ කනට කෙඳිරුවාය.
‘‘… බනී ඒ වන විට මගේ ශරිරයේ සුරතාන්තය හඳුන්වා දුන් බව මම නොදැන සිටියෙමි. ඇය මට සොයා දුන්නේ මගේ ශරීර තෘප්තියේත් කාමයේත් යතුර බව මම දැන නොසිටියෙමි.’’

 

‘‘ඉවෙන් මෙන් සිතා, ව්‍යවච්ඡේදකයා ඒ අමුතු අවයවය සිය මහපටඟිල්ලෙන් සහ දබරඟිල්ලෙන් ගත්තේ ය. ඉන් පසු, ලේ රතු පාටින් පිම්බී තිබූ ග්‍රන්ථිය, අනිත් අතේ දබරඟිල්ලෙන් හිමිහිට සුරතල් කරන්ට වන්නේ ය. එවිට, එතෙක් බුරුලට තිබූ රෝගියාගේ සිරුර නිරායාසයෙන් ගල් ගැසෙද්දී, අමුතු අවයවය ප්‍රමාණයෙන් වැඩී, තුනීයට හැකිලෙමින් ස්ඵන්දනය වන්නට විය’’
ගාමිණී වියන්ගොඩ: ව්‍යවච්ඡේදකයා:

 

සුභාෂිනි උත්පලවන්නා

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.