කාර්යාලිය කාම සේවයට වැට

රාජකාරී වේලාවේදීත් ගණිකා වෘත්තියේ නියැලෙන කාන්තාවන් පිළිබඳව දනගන්නට ලැබෙන දැනගන්නට ලැබී තිබෙන බව රාජ්‍ය, රාජ්‍ය නොවන සහ පරිපාලන සේවා ආයතන වල ප්‍රධානීන් ගණනාවක්ම කියා සිටිති. විශේෂයෙන්ම ඉහළ යන ජීවන වියදම හමුවේ ඇතැම් කාන්තාවන් රැකියාවල නියුතු වන අතර වාරයේ ගණිකා වෘත්තියේ නියැලෙන බව නීරීක්ෂණය කිරීමට හැකි වූ බව එක් කාර්යාල ප්‍රධානියෙක් lankanewsline වෙත කියා සිටියේය.

ඔහු පවසන පරිදි නියමිත වේලාවට රාජකාරියට වාර්තා කළත් කෑම වෙලාවකට ටික වේලාවට පෙර පිටවෙන මෙම කාන්තාවන් පැය දෙක තුනක් ගතවන තුරුත් කාර්යාලයට නොපැමිණි අවස්ථා තිබේ. විශේෂයෙන්ම අඩු මිලට කාමර ලබා දෙන හෝටල් ජාල බිහිවීමත් සමඟම මෙම කාර්යය වඩා පහසු වී තිබේ. පැය තුනක කාලයක් සඳහා රුපියල් එක්දහස් පන්සීයකට කාමරයක් ලබා ගත හැකිය.

ජංගම දුරකථනය

මෙවැනි කාන්තාවන් නිරන්තරයෙන්ම තම ජංගම දුරකථනය පරිහරණය කරමින් සේවාදායකයා සමඟ සම්බන්ධකම් පවත්වන බවයි අපට කථා කල පරිපාලන නිලධාරියා පැවසුවේ. බොහෝ කාර්යාලවල පැමිණීම සටහන් කිරීම සඳහා යන්ත්‍ර තිබුණත් දවසේ මැද භාගයේදී පැමිණීම් නිරීක්ෂණය කිරීමට වැඩ වැඩපිළිවෙලක් නොමැති වීම මෙම කාන්තාවන්ට වාසියක් වී තිබේ .

මේ සම්බන්ධයෙන් ඉක්මන් පියවරක් ගත්තේ නැතිනම් කාර්යාලය විනය රැකගත නොහැකි තත්ත්වයක් ඇති වන බවයි ඔහු කියා සිටියේ. කෙසේ වෙතත් මෙවැනි දේ කරන කාන්තාවන්ගේ සංඛ්‍යාව අතළොස්සක් වන බවයි ඔහු පවසන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.