කාලගුණයෙන් බලපෑම්වූවන්ගේ ගණන 38000 ඉක්මවයි!

floodපවතින අයහපත් කාලගුණ තත්වය නිසා මේ වන විට පුද්ගලයන් 38000 කට පමණ බලපෑම් සිදුව ඇත. ඒ අතර අවතැන් වූවන් ගණන 6090 දක්වා  ඉහළ ගොස් තිබෙන අතර මියගිය සංඛ්‍යාව 8 දක්වා වර්ධනය වී ඇත.
රත්නපුර, ඇලපාත, කුරුවිට, ඇහැලියගොඩ, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල, අරනායක, අඹගමුව, කොත්මලේ, පාලින්ද නුවර, ඇල්පිටිය, නාගොඩ, නෙළුව හා තවමල යන ප්‍රාදේශීය බලප්‍රදේශවල නාය යාමේ අධිඅවදානම් සහිත කළාප ලෙස නම් කර ඇත.
පොළොවේ ඇතිවන ඉරි තැලීම්, ගැඹුරට හෑරුණ පැළුම්, පොලොවේ බැසීම්, ක්‍රමක්‍රමයෙන් ඇලවී යන ගස්, වැටවල් සහ දුරකතන කුළුණු, ගොඩබිම හා ගෙබිම මත ඇතිවන පිපිරුම් හා ඒවායේ ක්‍රමික වර්ධනයන්, එකවර උල්පත් ඇතිවීම හා පෙර පැවති ජල උල්පත් බොරවීම හා අවහිර වීම හෝ නැතිවීම ආදී ලක්ෂණ මූළික නාය යාමේ ලක්ෂණ වන අතර ඒ පිළිබඳව අවධානයෙන් සිටින්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හා අපදා කළමණාකරණ මධ්‍යස්ථානය ජනතාව වෙත දැනුම් දෙයි.
මේ අතර විපතට පත් ජනතාවට කඩිනමින් සහන සලසා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන් වෙත නියෝග කළ බව වාර්තා වේ.
මේ අතර පවතින අයහපත් කාලගුණ තත්වය සලකා බලා පාසැල් වැසීමේ බලය අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට පැවරෙයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.