කැටගොඩට බලපෑම් කරන අය අතරේ මහින්දත්-ෆොන්සේකා

downloadfbf
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම අලුත් ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිප‍දෙනෙකුද තමාට පාර්ලිමේන්තු අසුන නොදෙන්නැයි ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාට පවසා ඇතැයි හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු පසුගියදා තංගල්ලේ නිවාඩුවක් ගත කර තංගල්ලේ නටඹුන් නරඹන්නට ගොස් ඇති බවද
ඒ මහතා කියයි.

 

ජයන්ත කැටගොඩ

ජයන්ත කැටගොඩ මහතා පසුගිය කාලයේදී තමන්ට මන්ත්‍රීධූරය දීමට සුදානම් යැයී කිවේ හිතට එකඟ නොවන බවද ‍සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු මන්ත්‍රී අසුන ලබාදීමට සුදානම් යැයි පැවසූවේ මෛත්‍රී ආණ්ඩුවෙන් තමාට ජනපති සමාව, යුද හමුදාපතිව සිටියදී අහිමි කළ තනතුරු තානාන්තර ඇතුළු වරප්‍රසාද ලැබේවියැයි නොසිතා බව ඒ මහතා සඳහන් කරයි.

ජනපති සමාව යටතේ තමාට සියලු වරප්‍රසාද හිමිව ඇති නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය දැරීමට හැකියාව ඇතැයි මැතිවරණ බලධාරීන් පැවසුවත්, කැටගොඩ මහතා පෙර කී පරිදි දැන් කටයුතු නොකිරීම නිසා තමාට එම මන්ත්‍රීධූරය අහිමිව ඇති බවත්, ෆොන්සේකා මහතා කියයි.

කෙසේ වුවද තමන් මන්ත්‍රීධූරය ඉල්ලා වැඳ නොව‍ැටෙන බවද, මන්ත්‍රීධූරය යළි ලැබීම තමාගේ පාක්ෂිකයින්ට අස්වැසිල්ලක් බවද, ඒ හැර ඇමති තනතුරු, වාහන, ඩීසල් ලබා ගැනීමට නොවන බව ඒ මහතා පවසයි.

තමාගේ බලු පැටියාවත්, පූස් පැටියාවත් මහින්ද රාජපක්ෂ ගාවට වරප්‍රසාද ගන්න යන්නෑ කියා ඒ දවස්වලත් කියූ බව ෆොන්සේකා මහතා අද (10) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී සිහිපත් කළේය.
අලුත් ආණ්ඩුව යටතේ වෙඩි තැබීම්,  සුදුවෑන්, පැහැර ගැනීම් මෙන්ම මාධ්‍ය‍ෙව්දීන්ට හිරිහැර කිසිත් මේ දක්වා වාර්තා නොවීම සතුටුදායක බවද, ඔහු පැවසීය.

ඉදිරි මැතිවරණයට තනිවම තරඟ කරන බවද, පක්ෂ බොහෝමයක් එසේ තරඟ කිරීමට නියමිත බවද, ඒ මහතා කියා සිටි‍ෙය්ය.

 

downloadkata
හමුදාපතිවරුන් මෙන්ම ආරක්ෂක ප්‍රධානීන් ඉවත් කළ  යුතු බව
දැනට සිටින ත්‍රිවිද හමුදාපතිවරුන් මෙන්ම ආරක්ෂක ප්‍රධානීන් ඉවත් කළ  යුතු බවද, පැවසූ සරත් ෆොන්සේකා මහතා තමන් අසාධාරණ ලෙස සිරගත කිරීමේ ක්‍රියාවලියේදී ඔවුන් ද සහය පළ කළ පිරිසක් නිසා ජාතික වශයෙන් වැදගත් වන උත්සව වලට ඔවුන් සහභාගි ‍වන්නේ නම් තමන් ඊට සහභාගි නොවීමේ තීරණයක් ගෙන ඇතැයිද පැවසුවේය.

උතුරේ ආරක්ෂාවට තර්ජනයක් නැති බවද, ජාතික ආරක්ෂාවට වැදගත් දේවල් ජනපති නිතර තමා සමග සාකච්ඡා කරන බවද, යුද අපරාධ ගැන දේශීය පරීක්ෂණයට සහය දෙන බවද, එවකට හමුදාපති ලෙස ඊට පිළිතුරු දීමට බැඳී සිටින බවද, මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ඒ මහතා කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ වගේ කෙනෙක් වීමට තමාට අවශ්‍ය නැති බවත්,
ආරක්ෂක ලේකම් වගේ තනතුරක් දේශපාලකයෙකුට දැරීමට නොහැකි බවත්, මහින්ද රාජපක්ෂට දැන් හැමදේම අමතක වී ඇති බවත්, මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස හෙතෙම පැවසීය.
මහින්ද බලලෝභියෙක්
මහින්ද බලලෝභියෙක් කියා කොහොමත් දන්නා බවද, නිධන් ගොඩගනිමින්, පියාගෙන් පස්සේ පුතාට, පුතාගෙන් පස්සේ මුණුබුරාට වශයෙන්  සැප විඳින්න සුදානමින් සිටි බවද, ඒ මහතා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස පැවසීය.

මේ නිසා ඔහු රීප්පයක් හෝ පරාලයක් අස්සේ රිංගාගෙන යළි දේශපාලනයට එන්න හදන බවත්, නටඹුන් වලින් යළි මාළිගයක් හදන්න බැරි බව අවබෝධ කර ගත යුතු බවත්, පාවෙන අවි ගබඩාවට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ වගකිව යුතු බවත්, මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ පිළිතුරු ලෙස හෙතෙම කියා සිටියේය.

විමල් වීරවංශ හීනෙන් බය වෙන එක ටිකක් වැඩි බවද  ඡන්දෙන් පස්සේ එය නවතී කියා හිතු නමුත්, ඒත් තවමත් නැවතී නැති බව පෙනෙන්නට ඇති බවද, සරත් ෆොන්සේකා මහතා පෙන්වාදුන්නේය.

ෆීල්ඩ් මාෂල් තනතුරදීම ගැන අගමැති – ජනපති කතා කරමින් සිටින බව දැනගන්නට ලැබුණු බවත්, එය දැනට හිමිව ඇත්තේ ලෝකයේම 25ක් වගේ සංඛ්‍යාවකට බැවින් එය සංකීර්ණ ක්‍රියාවලියක් බවත්, කෙසේ වුවද උසස්වීම් ඉල්ලා ගන්න ඕන ඒවා නොව දිය යුතු ඒවා බවත්, හෙතෙම මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස වැඩිදුරටත් පැවසීය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.