කැටපත් පවුරේ කුරුටු ගෑ උදයා නිදහස්

455c8b4a98cb5b8b7458c5e58c4e9db1_Lසීගිරියේ කුරුටු ගී වලට හානි කළැයි වරදකාරිය වී දෙවසරක සිරදඬුවම් ලැබ ජනාධිපති සමාව යටතේ නිදහස ලැබුවත් මුදාහැරීමට ලිඛිත නියෝගයක් නොලැබීම හේතුවෙන් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවාගෙන සිටි ද්‍රවිඩ ජාතික සින්නතම්බ් උදයශ්‍රී බන්ධනාගාරයෙන් නිදහස් කර තිබේ.

එම තරුණියට සමාව ලබාදෙන ලෙස ඇයගේ පවු‍ලේ ඥාතීන් රජයෙන් ඉල්ලීම් කර තිබිණ.

පසුගිය 02 වනදා ඇයට ජනාධිපතිවරයා විසින් සමාව ලබාදීමට තීරණය කළේය.

එහෙත් මුදාහැරීමේ නියෝගයක් අනුරාධපුර පිහිටි බන්ධනාගාරය වෙත ලැබී නොතිබීම හේතුවෙන් මේ දක්වා ඇය එහි රඳවාගෙන සිටි බව වාර්තා වූයේය.

කෙසේ වුවද අදාළ නියෝගය ලැබීමෙන් පසුව ඇය බන්ධනාගාරයෙන් පිටව ගොස් තිබේ.

සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් සිය නම කුරුටු ගෑමේ වරද සම්බන්ධයෙන් අවුරුදු දෙකක සිර දඬුවමකට යටත් කෙරුණ සින්නතම්බි උදය ශ්‍රී ජනාධිපති සමාවක් යටතේ නිදහස් කරනු ලැබීම සම්බන්ධයෙන් ඇගේ මව වන සින්නතම්බි තවමනි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට තුති පුද කළාය.

 

35ca7a6bc8056ac21c3ab97b1733febd_L

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.