කැඩෙට් මරණය සැක සහිතයි

 

 

 

11745617_380870552110272_6976258587990084978_n

 

දියතලාව කඳවුරේ දී සියදිවි නසා ගත් බව කියන ලහිරු රංජන නම් කැඩෙට් නිලධාරියාගේ (23) මරණය සැක සහිත බව ඔහුගේ පවුලේ උදවිය පවසති.

සිය දිවි නසා ගන්නට තරම් ඔහුට ප්‍රශ්නයක් නැති බවත්,අවසන් පුහුණුවේ දී ඔහු කණ්ඩායමේ හොඳම නිලධාරියා වූ බවත්, අවමඟුලේ දී ඔහුට හමුදා ගෞරව නොදැක්වීම ගැන කණගාටු වන බවත් ඔවුහු කියති.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කීවේ ඔහුගේ මරණය ගැන ගැටළු සහගත තත්ත්වයක් ඇති බැවින් හමුදා ගෞරව නුදුන් බවයි.

ලහිරු රංජන ගෙල වැලලාගෙන මිය ගොස් සිටි බව දියතලාව කඳවුරේ සිටි පිරිස් ප්‍රකාශ කරන බවත්, ඔහුගේ මරණය සැක සහිත බව පවුලේ උදවිය කියන බවත්, මරණය සම්බන්ධයෙන් ප්‍රශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ දියතලාව රෝහලේ අධිකරණ වෛද්‍ය වරයා මරණය ගැන විවෘත තීන්දුවක් දුන් බවත් පොලිසිය කියයි.

ශරීරයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රස පරීක්ෂක වෙත යවා ඇති බවත්, දියතලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිසිය පවසයි.

ලහිරු රංජන ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.