කැපුවේ ප්‍රභා ගේ බෙල්ල – බ්‍රිගේඩියර්ට එරෙහි විමර්ශන නැහැ

priyankaබි‍්‍රතාන්‍යයේ ලන්ඩන් අගනුවර ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිටදි උද්ඝෝෂයේ නිරත පිරිසකට අතින් ‘‘ ගෙළ සිද දමන ’’ ආකාරය නිරූපණය කිරීමේ සිද්ධිය මුල්කරගෙන ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වන බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතාට එරෙහිව කිසිඳු පරීක්ෂණයක් සිදු නොකරන බව හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි .

සිද්ධිය වූ දිනයේ විරෝධතාකරුවන් එල් . ටී . ටී . ඊ ධඡ ඔසවාගෙන ශ්‍රි ලංකා රජයට චෝදනා කරමින් ප්‍රභාකරන්ගේ ගුණ ගායනා කරමින් සිටියදී බි‍්‍රගේඩියර්වරයා එම ස්ථානයේ සිට සිය අතේ පළදාගෙන සිටි ශ්‍රි ලංකා ධඡය ඔවුනට පෙන්වා ශ්‍රි ලංකා රජය ප්‍රභාකරන්ගේ ගෙළ මුලුමනින්ම සිඳදා ඇති බවට නිරූපනය කරමින් පෙන්වා ඇතැයි හමුදාපතිවරයා සඳහන් කළේය.

හුගේ යුද සමයේ භූමිකාව විස්තර කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සහ ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතිය (ITJP) විසින් එළිදක්වා ඇති වාර්තාවක දැක්වෙන පරිදි දෙමළ ජන සංහාරයක් සිදුවූ මුලතිව් ප්‍රහාරයේ යෙදුනු 59 බල සේනාව යටතේ පැවති ගැමුණු හේවා බල ඇණියේ හෙතෙම ලුතිනන් කර්නල්වරයකු ලෙසින් වගකීම් ඉසිලූවෙකි.

මේ සිද්ධියෙන් ”බරපතල මානව හිමිකම් කඩකිරීම්වලට සම්බන්ධ යැයි සැක කළහැකි පුද්ගලයන් එක්සත් රාජධානියට ඇතුළුවීමෙන් හා එහි නිල මට්ටමේ රාජකාරිවල නිරතවීමෙන් වැළැක්වීම සහතික කිරීම සඳහා ගතයුතුව තිබූ අනිවාර්ය ක්‍රියාමාර්ගයන් ගැනීමට එක්සත් රාජධානියේ ආණ්ඩුව අසමත් වී ඇති බව මනාව පැහැදිළි වන්නේය” යි එම සංවිධාන දෙක දොස් පවරා තිබේ.

තවත් විචාරකයෙක් පැවසුවේ විරෝධතා දැක්වීමක් පැවැත්වෙන අවස්ථාවකදී හස්ත මුද්‍රා පාන්නේ නැතිව ඉන්න තරම් සංයමයක් නැති පුද්ගලයෙකු තනාපති සේවයේ යෙදීම වැරදි බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.