කැබිනට් ආරවුල දුර දිග යන ලකුණු ………….

Mahinda Amaraweeraමෙරටදී වාහන එකලැස් කිරීමට උත්සහ කරන වාහන ආනයනකරුවකුට සහන ලබාදීම නවත්වන්නැයි ඉල්ලමින් ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කිරීමට නියමිත යැයි වාර්තා වේ. මෙය එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා ආණ්ඩුකරණයට එක්ව සිටින පීරිස අතර ඇති ගැටුම දුර දිග යෑමේ ප්‍රතිපලයක් බව පෙනෙන්නට තිබේ.

‘වෙහිකල්ස් ලංකා’

භාවිත කරන ලද වාහන අමතර කොටස්වලින් මෙරටදී වාහන එකලැස් කරන ‘වෙහිකල්ස් ලංකා’ පුද්ගලකි සමාගමට සියයට 70ක බදු සහනයක් ලබාදීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් යොමු කළේය. එම යෝජනාවට තමා විරුද්ධ වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා ඇති අතර එක් තෝරාගත් සමාගමකට පමණක් සහන ලබා නොදිය යුතු බව ද ප්‍රකාශ කර ඇත. එමෙන්ම අදාළ ආනයනකරු රේගු රෙගුලාසි උල්ලංඝනය කර ඇතැයි ද අමාත්‍ය අමරවීර මහතා පවසා ඇත. රවි කරුණානායක ඇමතිවරයාට එරෙහිව දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතින අතර අගමැති රනිල් වික්‍රමසිංහ ඔහුව ආරක්ෂා නොකිරීමට ඉඩ ඇත.

මේ අතරවාරයේ විගණකාධිපති වරයාත් දේශපාලන ක්‍රීඩාවකට අවතීර්ණය වී ඇති අතර ඔහු හරහාද රවි කරුණානායක ඇමතිවරයාට පීඩනයක් එල්ල කිරීමේ උත්සහයක් ඇත. කැබිනට් සංශෝධනයක් පිළිබඳව කතාබහක් තිබුනත් ජනාධිපතිවරයාට අවශ්‍ය ලෙස එය කර ගැනීමට නොහැකි නිසා එයද කල් දැමීමට සිදුවී ඇත. ජනාධිපතිවරයා මේ වන විට කොටු වීඇති හෙයින් ඇල් මැරුණු කෙණෙහිලිකම් ඇරෙන්නට වැඩි යමක් සිදු නොවනු ඇත.

මේ අතර ශ්‍රී ලංකාව රේගුව මිනුවන්ගොඩ ප්‍රදේශයේ වැටලීමක් කරමින් ආනයනය කරන ලද වාහන අමතර කොටස්වලින් එකලැස් කරන ලද වාහන 54ක් අත්අඩංගුවට ගත්තේය. මෙම වැටලීම් සහ අත්අඩංගුවට කිරීම කරන ලද්දේ මෝටර් රථවාහන පනතට අනුව යැයිද ශ්‍රී ලංකා රේගු නිලධාරීහූ ප්‍රකාශ කළහ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.