කැබිනට් එකේ ඉන්නේ බබාලාද-සුරේන් අසයි

suren-batagodaගල් අඟුරු මාෆියාව පිළිබඳව  විදුලි බල හා පුනර්ජනනීය  බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතාට එල්ල වී තිබෙන චෝදනා ඒ මහතා ප්‍රතික්ෂේප කරයි. ලංකා ගල් අඟුරු සමාගමේ හිටපු සභාපති මෛත්‍රී ගුණරත්න මහතා අවධාරණය කොට කියන්නේ ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී අචාර්ය සුරේන් බටගොඩ මහතා සුක්ෂම ආකාරයෙන් කැබිනට් මණ්ඩලය නොමඟ යවා ඇති බවයි. එය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් ප්‍රකාශ කර ඇති බවය .
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුරේන් බටගොඩ මහතා කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ තමන්ගේ නම හෝ අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස හෝ සඳහන් කර නොමැති බවයි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ එසේ සඳහන්ව ඇත්නම් එම ස්ථානය අනාවරණ කරන ලෙස බටගොඩ මහතා පැවසීය.
“ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වෙන්නේ ටෙන්ඩර් මණ්ඩලය සහ අහියාචන මණ්ඩලය විදිහට. මම ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති නෙවෙයි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැනත් මෛත්‍රී ගුණරත්න මහතා පවසන්නේ අසත්‍ය දේවල්. අනිත් එක මම කොහොමද කැබිනට් මණ්ඩලය නොමඟ යවන්නේ. මේ ගල් අඟුරු ටෙන්ඩරය වෙන්න ඇති කැබිනට් මණ්ඩලය දෙවතාවක් අනුමත කරපු එකම ටෙන්ඩරය. ලෝකේ වෙන කොහෙවත් මෙහෙම වෙලා නැතිව ඇති. සාමාන්‍යයෙන් කවදාවත් කැබිනට් මණ්ඩලයක් එකම ටෙන්ඩරය දෙවතාවක් අනුමත කරන්නේ නැහැ. මුල පටන්ම ඔය චෝදනාව ආපු නිසා තමයි දෙවැනි වරටත් කැබිනට් එකට අවශ්‍ය සියලුම තොරතුරු දුන්නේ අධ්‍යයනය කරන්න. මම කියලමයි දුන්නේ, නොමඟ යන්න එපා හරියට බලන්න කියලා. ඊටත් කැබිනට් මණ්ඩලයේ ඉන්නේ බබාලද නොමඟයවන්න.”
මෛත්‍රී ගුණරත්න මහතා මෙලෙස තමන්ට පදනම් විරහිතව චෝදනා කිරීම මඟින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා කැබිනට් මණ්ඩලය අභියෝගයට ලක් කරන්නක් බව සුරේන්  බටගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. එහෙත් මේ ටෙන්ඩරය සම්බන්ධයෙන් මතුවෙන ගැටළු එසේමය.දැන් මේ දුෂණ පිළබඳව වගකීම භාර ගන්නේ කවුරුන්ද?

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.