කැබිනට් මණ්ඩලයත් – ක්‍රිකට් ගැටුමෙන් උණුසුම්

arjuna-dayasiriඊයේ (29) උදේ පැවති කැබිනට් රැස්වීමේදී ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර සහ ඛණිජ තෙල් කර්මාන්ත ඇමති අර්ජුන රණතුංග යන මහත්වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇතැයි වාර්තා වේ.

කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ ක්‍රෘතීම ධාවන පථය නැවත එළීම සඳහා ටෙන්ඩර් කැඳවීමට ක්‍රීඩා ඇමතිවරයා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් අර්ජුන රණතුංග ඇමතිවරයා නිරීක්ෂණ ඉදිරිපත් කළ අවස්ථාවේ ඇමතිවරුන් දෙදෙනා අතර මෙම මත ගැටුම ඇති වූ බව දැනගන්නට ඇත.

ක්‍රිකට් සම්බන්ධයෙන් ද එහි දී ඇමතිවරුන් දෙදෙනා චෝදනා එල්ල කරගෙන ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත්වී මත ගැටුම සමථයකට පත්කර ඇතැයි වාර්තා වේ

තේරීම් කමිටු සාමාජිකයින් ඉල්ලා අස්වෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය, රංජිත් මදුරසිංහ, රුමේෂ් කලුවිතාරන, අසංක ගුරුසිංහ, එරික් උපශාන්ත ඇතුළු තේරීම් කමිටු සාමාජිකයින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. මෙම පිරිසේ අත්සන්වලින් යුත් ඒකාබද්ධ ලිපියක් ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා වෙත භාර දෙමින් මෙම තීරණය දැනුම් දී තිබේ. එම ලිපියට අනුව 2017 සැප්තැම්බර් 07 වන දින ඔවුන්ගේ ඉවත්වීම සිදුවනු ඇත.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.