කෑම පැය අඩු කරන්න ඉඩ දෙන්නේ නැහැ- වසන්ත සමරසිංහ

dowWASANTHASAMARA

රාජ්‍ය සේවකයන්ගේ දිවා භෝජන විවේකය විනාඩි තිහකට සීමා කරන මෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය රජය වහාම හකුළා ගත යුතු බවත් එසේ නොවුණහොත් සියලු රාජ්‍ය සේවකයන් ඊට එරෙහිව පෙළගස්‌වා වැඩවර්ජනයකට අවතීර්ණ වන බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්‌ථානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ඊයේ (26 වැනිදා) “දිවයින” ට සඳහන් කළේය.

වැඩකරන ජනතාව පැය අටේ සේවා මුරය සමඟ දිනාගත් පැයක දිවා භෝජන විවේකය අඩු කිරීමට වත්මන් රජයට හෝ වෙන කිසිදු රජයකට අයිතියක්‌ නැති බවත් හෙතෙම සඳහන් කළේය.

ජනවරමක්‌ හා ඔක්‌සිජන් නැති මෙම ආණ්‌ඩුව කරගෙන යන විකාර වැඩ වහාම නතර කළ යුතු බවත් වැඩකරන ජනතාවගේ අයිතීන් අහිමි කිරීමට රජයට කිසිසේත් ඉඩ නොදෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

මෙම තත්ත්වයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් වගකිවයුතු බවත් රාජ්‍ය සේවකයන් සහ රජය අතර ආරවුල් ඇති වීම වැළැක්‌වීමට ඔහු වහා කටයුතු කළ යුතුව ඇති බවත් වසන්ත සමරසිංහ මහතා පැවසීය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.