කිමද මහින්දට තැවෙන්නට කාරනාව?

 

images (63)

මේ දිනවල හිටපු ජනාධිපති තුමන් වික්ෂෝපයෙනි. ඒ මාධ්‍ය ඔස්සේ තමන්ට බොරුචෝදනා නගන හෙයිනි.

එහෙත් දැනට එතුමාට සතුටු වීමට බොහෝ දී ඇත පළමු කොට මීට පෙර ඔහු තමන්ගේ ප්‍රතිවාදියා වන සරත් ෆොන්සේකාට කලාක්  මෙන් හදිසියේ ඔහුව කුදලා ගෙන යන්නන්ට

හමුදා නඩයක් ඒවා නැත.බොරු චෝදනා මත හිරගෙට  යැවීමට කැලෑ උසාවියක් අටවා  නැත. රාජපක්ෂ දුර්පාලනය පිළිබඳව මිනිසුන් පැමිණිලි කරන්නේ නීත්‍යනුකුලව සංස්ථාපිත

අල්ලස් හැ දුෂණ කොමිසමටමය.ඒ මිනිසුන් තමන් කළ පැමිණිල්ල ගැන මාධ්‍යට කියා සිටිති.එය වරදක්ද?

dxss

 

රාජ්‍ය මාධ්‍ය

 

වරද ඇත්තේ එතැන නොව රාජ්‍ය යැයි කියා  ගන්නා මාධ්‍ය මේ ගැන පෙරළා හිටපු ජනාධිපතිවරයා ගෙන් ප්‍රශ්න නොකීරීමයි.පවතින  රජයට කඩේ යෑම රජ්‍ය මාධ්‍ය සංස්කෘතිය වන හෙයින් මහින්දට එරෙහිව කියන දේ පමණක් ප්‍රචාර කිරීම සෑහේතැයි ඔවුන් සිතති.මැදමුලන  කරා රූපවාහිනී කැමරාවක් යවා’මේ ගැන මොකද කියන්නේ කියා’ හිටපු ජනාධිපතිවරයා ගෙන් විමසීමට තරම් කොන්දක් කිසිදු රාජ්‍ය මාධ්‍ය ප්‍රධානියෙකුට නොතිබීම අවසනාවකි.

මේ අවසනාවන්ත තත්වය  ගලා ගෙන  එන්නේ ඉහළිනි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පෙන්වා දුන්නාක් සේ මෛත්‍රීපාලන  සහ නීතියේ ආධිපත්‍ය පිහිටුවාලීම   යනු  පටලවා ගත යුතු කරුණු දෙකක් නොවේ. බලයට පත්වන සෑම ආණ්ඩුවක්ම කියා සිටින්නේ තමන් පෙර පව් පිරික්සා පියවර ගන්නා බවයි.එහෙත් ටික කලක් ගතවීමත් සමගම පැමිණිලි හමස් පෙට්ටියට වටෙන් අතර සියළු දුෂිතයින් අත්වැල් බැඳ ගනිති .මෙවර එසේ  නොවැතැයි නව ජනාධිපතිවරයාට ජනතාවට තවමත් ඒත්තු ගැන්වීමට නොහැකි වී ඇත.මේ තත්වය යටතේ දෙපැත්තටම පාළු ගෙවල් වල වළං බිඳිය හැකිය

හිටපු ජනාධිපතිවරයා ප්‍රයෝගකාරීව අනුකම්පාව දින ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කොට ඇත.මතුව ඇති සීල්ලර චෝදනා කීපයකට පිළිතුරු දී බැරෑරුම් චෝදනා මග හරී.

n-8

 

 

ජනවාරි නමය විවාදය

 

මේ වන විට චම්පික රණවක ඇමතිවරයා කෝටි ගණනින් කොමිස් ගසා ඇති අන්දම  නිශ්චිතව හෙළිදරව් කොට ඇත, මාධ්‍යවේදීන් මරා දැමීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයා දන්නා බව කියතත් ඒ ගැන උසාවියට කරුණු නොකියන බව ලසන්ත වික්‍රමතුංග ගේ සොහොයුරා හැංගි හොර නැතිව කියා සිටී. යෝෂිත රාජපක්ෂ හිටි හැටියේ නාවික හමුදාවෙන් අස්කර ගන්න හදන්නේ ඇයි? බැසිල් රාජපක්ෂ හදිසියේ රට ගියේ ඇයි? මහා බැංකුව හරහා සිදුවී ඇති මිලියන ගණනක චෝදනා ගැන කතා නොකර ලිත් සහ  ඔර්ලෝසු ගැන කතා  කිරීමේ තේරුමක් තිබේද?

මෛත්‍රීපාල සිරිසේන මහතා විවාදයකට එන්නැයි මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කල විට ඩලස් අලහප්පෙරුම මහතා දැම්මේ චන්ඩි ටෝක් එකකි. ඔහු කීවේ අපි ජනවාරි නම වෙනිදා (ජනාධිපතිවරනයෙන් පසුදා) කතා කරමු කියාය.දැන් විවාද අවශ්‍ය නැත.මේ නැගෙන චෝදනා ගැන මාධ්‍ය  හමුවට පැමිණ ජනතාව හා  සංවාදයක් පැවැත්විය හැකි නම් අන් සියල්ලන්ට වඩා එය රාජපක්ෂ මහතාට ප්‍රයෝජනවත් විය හැකිය.

මේ සඳහා අවසන් මොහෙතේ අයුතු වාසි ලබා ගැනීම සඳහා විශාල මාධ්‍ය නාලිකා ප්‍රමාණයක් සම්බන්ධ කරගනිමින් පැවැත්වීමට සැලසුම් කල ජනපති ජන හමුව ආකෘතිය

භාවිතා  කල හැකිය.එදා මැතිවරණ කොමසාරිස්වරයා ගේ අනින් නැවත්වුනු එම වැඩ සටහනට මෙදා කව්රුවත් විරුද්ධ නොවනු ඇත.මන්දයත් මාධ්‍ය සංවාදය යනු යහ පාලනයේ

අත්‍යවශ්‍ය ගුණාංගයක් වන හෙයිනි.

 

හිටපු ජනාධිපතිවරයාගේ නිවේදනය

 

[vsw id=”/cshoOyWvVrg” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.