කියන දේ කරන නිසා ෆොන්සේකා බේරුන හැටි හෙළිදරව්වේ

Sarath Fonsekaජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සරත් ෆොන්සේකා කඳවුරු බැන්දේ සිනමන් ලේක් හෝටලයේය. ඒ අවස්ථාවේදී ෆොන්සේකාගේ ආරක්ෂාවට සිටි සොල්දාදුවන් සමඟ ඔහුව අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාව වලක්වා ගත් හැටිත් මහා විනාශයක් වලක්වා ගත් හැටිත් ඔහුගේ ලේකම්ව කටයුතු කල මේජර් සේනක සිල්වා විසින් හෙළිදරව් කොට තිබේ.

මානවඩු තම ආරක්ෂකයින් සමඟ හෝටලය තුලට කඩා වැදී පිරිසම අත් අඩංගුවට ගැනීමට සුදානම් වන බව සරත් ෆොන්සේකාට දැන්වුවේ සේනක සිල්වාය.

‘ආවොත් වෙඩි තියන්න යැයි’ සරත් ෆොන්සේකා කිසිදූ චකිතියකින් තොරව නියෝග කළේය. එම නියෝගය ඒ හැටියෙන්ම සුමිත් මානවඩුට දන්වනු ලැබීය.

සුමිත් මානවඩු ෆොන්සේකා ගේ හැටි හොදින් දනී. එහෙයින් හෝටලය තුලට අඩිය නොතැබීමට මානවඩු ප්‍රවේශසම් විය.

එදා සුමිත් මානවඩු හෝටලය තුලට ගිය නම් සිනමන් ලේක් ලේ විලක් වන්නට ඉඩ තිබින. පසු දා සරත් ෆොන්සේකා ඇතුළු පිරිස හෝටලයෙන් නික්මයන තෙක් රැකවල් ලා ගෙන සිටි මානවඩු ෆොන්සේකාට ආරක්ෂාව දුන් හමුදා භටයින් අත් අඩංගුවට ගෙන මහපාරේ දන ගැස්සුවේය.

මානවඩු දැන් ජීවතුන්අතර නැත.පරාලයක් ඔළුව මත කඩා වැටීමෙන් ඔහු මිය ගියේය.එහෙත් සෙබළුන් මහ පාරේ දන ගැස්වූ ඔහුට එන දෑන් ඒ අය රණ විරුවන් වෙනුවෙන් කිඹුල් කඳුළු සලති.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.