කිරිඇල්ල බෙන්ස් කථාව ගැන හඳුන්නෙත්තිට අභියෝග කරයි

kiriellaදක්ෂිණ අධිවේගී මාර්ගයේ කටයුතු සඳහා අල්ලස් ගත් ඇමතිවරයා ගේ නම කියන්න්නනැයි ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා අභියෝග කරයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර – බෙලිඅත්ත ඉදිකිරීමේ ඉදිකරණ ගුවන් පාලම්වල දුරප්‍රමාණය කිලෝමීටර් 6.33සිට 9.11 දක්වා තවත් කිලෝමීයටර් 2.78කින් වැඩි කිරීමට අදාළ යොජනාවට මලික් සමරවික්‍රම, පාස්කරලිංගම්, චරිත රත්වත්තේ, රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විතව පිහිටුවා ඇති, කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට වග නොකියන ආර්ථික කමිටුව යැයි හඳුන්වන කුස්සි කැබිනෙට්ටුව විසින් අනුමැතිය ලබා දී ඇති බවත් එසේ අනුමැති ලබාදීමට මැදිහත් වූවෙකුට මර්සීඩීස් බෙන්ස් රථයක් අල්ලසක් ලෙස ලැබී ඇති බවත් කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා අනාවරණය කරයි. මේ සම්බන්ධයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා ගේ සම්බන්ධයක් ඇති බව සුනිල් හඳුන්නෙත්ති මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

“2016 නොවැම්බර් මස 21 වෙනිදා, මේ ලිපිය ලියන්නේ එක්සෙකටිව් ප්‍රොජෙක්ට් ඩිරෙක්ර් ඌ ජන්නායි, මේ පුද්ගලයා කැතික් ආයතනයේ විධායක ව්‍යපෘති කළමණාකරු. ඔහු ලියනවා ආර්.එම්. ගාමිණීට. සීනියර් ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර්. මම ආයෙත් කියනවා මෙම ආර්.එම්. ගාමිණී, ලක්ෂ්මන් කිරිඇල්ල කියලා දාගත්තට කමක් නැහැ. ඔහුට ලියනව ලිපියක් 2016 නොවැම්බර් 21 වෙනිදාම අපි මේ ව්‍යාපෘතියට ආදාළව මර්සඩීස් බෙන්ස් රථයක් ගේනවා. ඒ වාහනය කොළඹ වරායට ඇවිල්ල තියෙන්නේ 2016 නොවැම්බර් 21 වනදා. ඒ කියන්නේ මේ ලිපිය ලියන දවසෙමයි. මේ ලිපිය ලියන දවසෙම වාහනයක් එනව ලංකාවේ වරායට. මර්සිඩීස් බෙන්ස් එකක්. මෙන්න මේ වාහනය ව්‍යාපෘතියට පාවිච්චි කරන වාහනයක් නිසා මේ වාහනයට තීරු බදු සහන ලබා දෙන්න කියලා.’ යැයි කියා සිටියේය.

දැන් මේ වාහනයට කුමක් වී ඇත්ද යන්න හඳුන්නෙත්ති කිරිඇල්ල ගෙන් අසන අතර කිරිඇල්ල හඳුන්නෙත්තිගෙන් එම ප්‍රශ්නයම අසයි.

මෙහිදී මතක් වන්නේ ජිප්සීස් සුනිල් අයියා ගේ සින්දුවකි’ I don”t know why?

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.