කිරිඇල්ල මන්ද එයාර් බස් ගැන මන්ද කලබල

lakshman-kiriella-1ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඇනවුම් කළ ඒ 350 එයාර් බස් ගුවන් යානා හතර මිළට නොගන්නේ නම් වහා ඒ බව ප්‍රංශ හා ජර්මන් රජයන්ට දැනුම් දී නිෂ්පාදනය නතර කරනා ලෙස කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදි ඉකුත් සිකුරාදා (22) ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
මෙම ගුවන් යානා හතරේ නිෂ්පාදන කටයුතු නොවැම්බරයේදි ප්‍රංශ, ජර්මන් යන රටවල් ආරම්භ කර තිබෙනවා. ඉන් පෙර අවලංගු නොකළොත් ඇමරිකානු ඩොලර් බිලියන ගණනක වන්දි ගෙවිමට සිදුවේවි…ඒ නිසා මේවා මිළදි ගන්නේ නැතිනම් වහා ඒ බව දැනුම් දි නිෂ්පාදන කටයුතු නතර කරන්න…. යැයිද හදුන්නෙත්ති මහතා කියා සිටියේය.

කතානායක කරු ජයසූරිය මහතාගේ අවසරය මත විශේෂ ප්‍රකාශයක් කරමින් සුනිල් හදුන්නෙත්ති මහතා මෙසේද කීය.

අපි පසුගියදා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කෝප් කමිටුව හමුවට කැදවුවා. කල් බදු ගිවිසුම මත 2013 දි එයාර් බස් අටක් මිළට ගැනීමට තිරණය කර තිබෙනවා. ඉන් එයාර් බස් හතරක කල් බදු ගිවිසුම වර්තමාන ආණ්ඩුව විසින් අවලංගු කළ නිසා ඇමරිකානු ඩොලර් බිලියන 115 ක් වන්දි ලෙස ගෙවා තිබෙනවා.

ඒ ගැන විමර්ශනයක් කෙරෙනවා. අනෙක් එයාර් බස් හතර මිළට ගන්නවාද නැද්ද කියා තිරණයක් ගත යුතුයි. මිළට ගන්නේ නැතිනම් වහා ඒ බව ජර්මන් සහ ප්‍රංශ රජයන්ට දැනුම් දෙන්න. ගුවන් යානා හතරේ නිෂ්පාදන කටයුතු නොවැම්බරයේ පටන් ගන්නවා. ඊට පෙර දැනුම් නොදුන්නොත් යළි බිලියන ගණනක වන්දියක් ගෙවන්න වේවි.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – රජයේ ප්‍රතිපත්ති ප්‍රශ්න කරන්න කෝප් කමිටුවට බැහැ. මේ ගුවන් යානා ගන්නවාද නැද්ද කියා තිරණය කරන්නේ ආණ්ඩුව. කෝප් කමිටුවට බැහැ ආණ්ඩුවට උපදෙස් දෙන්න.

හදුන්නෙත්ති මහතා – මගේ මතය නොවේ ප්‍රකාශ කළේ කෝප් කමිටුවේ තිරණයයි කිව්වේ. නියෝජ්‍ය ඇමති අජිත් පි පෙරේරා මහතාත් යෝජනා කළා මේ කරුණු පාර්ලිමේන්තුවේ මතු කරන්න කියලා.

සභානායක – කෝප් එකට පුළුවන් විගණකාධිපති නිරික්ෂණ මත ප්‍රශ්න කරන්න විතරයි.

චන්ද්‍රසිරි ගජධිර මහතා – සිදුවිය හැකි අලාභයක් වළක්වා ගන්නයි කෝප් සභාපතිට මේ වගකිම පැවරුවේ. ඒ අනුවයි සභාපතිවරයා සභාවේ මෙය මතු කළේ….

කතානායක – මම සොයා බලන්නම්

ඇමති රාජිත සේනාරත්න මහතා – මේක වැඩි හොදට කළ ප්‍රකාශයක්. එයාර් බස් නිෂ්පාදනය අරඹන්න තව ටික කාලයයි තියෙන්නේ. වැඩපටන් ගත්තොත් තව වැඩිපුර ගෙවන්න වේවි. ඊට පෙර ඉක්මන් තින්දුවක් ගන්න කියලායි මේ කියන්නේ.

හදුන්නෙත්ති මහතා – අබ කෑ මිනිහගේ මොළය දනවා වගේ කිරිඇල්ල ඇමතිතුමා නිතරම කෑ ගහන එක වැරදියි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.