කිසිදා නිම නොවනා ගී පදයක නිමාව

ajantha-ranasinghe
ඔහු නමින් අජන්තා රණසිංහ නම් විය. තම තෙලි තුඩින් ලාංකීය කළ කේත අස්වැද්දු ඒ ආදරණීය මිනිසා නැවත ඔබ මා වෙනුවෙන් ගී පද බදින්නේ නැත. ඒ ප්‍රේමනීය මිනිසා අද අප අතර ගොස් තිබේ.

ජීවිතයේ එක වරක් පමණක් ලැබෙන සුමති සම්මානයෙන් පවා පිදුම් ලැබූ මේ ගීත රචකයා, මාද්යවෙදියා මිය යන විට 76 වන වියේ පසු වුවා. හදිසි අනතරකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස එතුමන්ගේ අභාවය සිදු වුවා.

ඉද්දමල් කතාවේ, නින්දනෙන රාත්‍රියේ, රත්තරන් පෙම් පුරාණේ හංගා ගල්ලෙනී වැනි ලාංකීය ගීත රසිකයා හද බැදගත් සොදුරු ගීතවලියකම හිමි කරුවා මේ ආදරණීය මිනිසාය. එච්. ආර්. ජෝතිපාල, මිල්ටන් මල්ලරච්චි, ග්‍රේෂන් ආනන්ද, විජය කුමාරතුංග වැනි ගායකයන් එතුමාගේ ගී පද රචනා ගායනා කළා.

අරුත් සුන් ගී පද ඇසෙන වත්මනට අජන්තා රණසිංහ නම් වූ ප්‍රවීණ ගී පද රචකයාගේ මාධ්‍යවේදියාගේ අඩුව නිරතුරුව දැනෙනු ඇති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.