කිළිනොච්ච්ය රෝහල ඉදිරිපිටදී පොලිස් සැරයන් වරයෙකුට පහර දෙයි

kilinochchi-attackදිනසේන රතුගමගේ
කිළිනොච්ච්ය රෝහල ඉදිරිපිටදී පිරිසක් එක්ව 25 දා සවස 6 ට පමණ පොලිස් සැරයන් වරයෙකුට පහරදීම නිසා තුවාල ලැබූ එම නිලධාරියා කිළිනොච්චිය රෝහලට ඇතුළැත් කොට තිබේ. හර්තාලයට සම්බන්ධ පිරිසක් කිළිනොච්චිය රෝහල ඉදිරිපිට මාර්ගය තැනකින් අවහිර කොට තවත් තැනක ටයර් දමා පිළිස්සීමට ගිය අවස්ථාවේදී එම ක්‍රියාව වැළැක්වීමට ගිය පොලිස් සැරයන් වරයාට එහි සිටි පිරිස පහරදුන් බව කිළිනොච්චිය පොලීසියේ නිලධාරියෙකු පැවසීය. මෙම kilinochchi-1ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ එස්.සමරවික්‍රම නැමති පොලිස් සැරයන් වරයෙකි.තුවාල ලැබූ ඔහු කිළිනොච්චිය රෝහල ඇතුළත් කොට ඇතත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහලේ වෛද්‍ය නිලධාරියෙකු පැවසීය.
මාර්හය අවහිර කිරීමට විශාල පිරිසක් පැමිණැ සිටි බවත් ඔවුන් දැඩි ලෙස බීමත්ව සිටි බවත් කී පොලිස් නිලධාරියා සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත් අඩංගුවට නොගත් බව්ද කියාසිටියේය. කිළිනොච්චිය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.