කුඩු ප්‍රවාහක ට්‍රැක්ටර් 26ක්

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින මහ පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු සේ සැලකෙන වෙලෙසුදා විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් ට්‍රැක්ටර් 26ක් කැලණියේ තිබියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු මෙම ට්‍රැක්ටර් 26 තුල පකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇත්තේ ඒවායේ එංජිම ඇතුළේ කොටස් ගලවා එතුළ මත්කුඩු තැන්පත් කරමිනි.

මෙම ට්‍රැක්ටර්වල ගියර් පෙට්ටි ගලවා ඒ තුළ මත් ද්‍රව්‍ය රැගෙන එන්නට ඇතැයි පොලිසිය සැකකරයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලැබුණු තොරතුරක් මත මෙම ට්‍රැක්ටර් සොයාගෙන ඇති අතර සොයාගත් මෙම එක් ට්‍රැක්ටරයක ගියර් පෙට්ටියේ මත් කුඩු කිලෝ 20ක් වත් අසුරන්නට ඇතැයි සැකකරයි. මෙම කුඩු ජාවාරමට වෙලේ සුදා සම්බන්ධ දැයි පොලිසිය පරීක්ෂණ පවත්වයි

 

3527-wele

[vsw id=”/fV39yvzY2K4″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

heroin hidden in trackters

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.