කුණු කන්ද වටේ ඇමතිවරු කඹ ඇද්ද හැටි

meetotamullaමීතොටමුල්ලේ කුණු කන්ද ඉවත්කිරීම සඳහා තමන් ගෙන ආ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට අවස්ථාව දුන්නේ නම් පසුගිය දා සිදුවූ මහා විනාශය සිදුවන්නේ නැතැයි බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා පැවසීය.
එංගලන්තයේ සමාගමක ආයෝජනයක් ලෙස පසුගිය වසරේ මැයි මාසයේ තමන් ආරම්භ කරන්නට ගිය මීතොටමුල්ලේ කසල ඉවත්කිරීමේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය යන්ත‍්‍ර සූත‍්‍ර සවිකිරීම සඳහා කුණු කන්ද ඇති ඉඩමෙන් පර්චස් 60 ක ප‍්‍රමාණයක් ලබාදෙන ලෙස ඉල්ලා නාගරික සංවර්ධන අධිකාරියට ලියුම් පිට ලියුම් ලීවත් එම ඉඩ නොදුන් බව ද ප‍්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම කුණු කන්ද සම්බන්ධයෙන් කඹ ඇද්දේ මහ ඇමතිවරුන් නොව රටේ ඇමතිවරුන් බව කී ඉසුර දේවප‍්‍රිය මහතා කුණු කන්දට මිනිස්සු යටවීම සිදුවූයේ පළාත් සභාවේ වරදින් නොව ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබානොදුන් අයගේ වරදින් බව ද කීවේය. ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා මේ බව පැවසුවේ පැවසුවේ කොළඹ දී 17 පැවති උත්සවයකට එක්වෙමිනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.