කුණු කන්ද සුරක්ෂිතයි- චම්පික

champika-ranawakaමීතොටමුල්ල කුණු කන්ද පිපිරීමේ කිසිඳු අවධානමක් නැති බව  අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.  මීතේන් හිරවීමෙන් පිපිරීම් සිදුවන බවටත්, කන්ද නාය යන බවටත්, කන්දේ උස, කුණු ප‍්‍රමාණය මෙන්ම විවිධ විද්‍යාත්මක කරුණු කාරණා වැරදි දත්ත පදනම් කරගෙන සමාජගත නොකරණ ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටී.

මේ වන විට මීතොටමුල්ල කුණු කන්ද පුනරුත්ථාපනය කිරීම සඳහා කමිටු 03 ක් ආශ‍්‍රයෙන් අදියර 12 කින් කටයුතු කිරීම ආරම්භ කර ඇත. විද්වත් කමිටුවක්, ඉංජිනේරු කමිටුවක් සහ මෙහෙයුම් කමිටුවක් මහානගර සහ බසනාහිර සංවර්ධන අමාත්‍යාංශය මූලිකව ක්‍රියාත්මක වේ.  එක් එක් කමිටුව ආශ‍්‍රයෙන් ලබාදෙන නිර්දේශ ප‍්‍රායෝගිකව මහපොළවේ ක්‍රියාත්මක කිරීමේ වගකීම ශ‍්‍රී ලංකා යුධ හමුදාව සිදු කරයි. අදාල නිර්දේශවල ඵලදායීතාව සහ නිරවද්‍යතාව පැයෙන් පැය අධ්‍යනය කිරීම සඳහා සැටලයිට් තාක්ෂණය සහ ශ‍්‍රී ලංකාවේ පළමු වරට ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කර  ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.