කුණු කන්දට යටවීමෙන් විපතට පත් වුවන් වෙනුවෙන් විපක්ෂයෙන් වන්දි ඉල්ලීම්

Meetotamulla Garbege Dumpමීතොටමුල්ල අපද්‍රව්‍ය බහාලූම් මධ්‍යස්ථානයේ සිදු වූ ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සම්බන්ධව අද දින පැවති ප‍්‍රගති සමාලෝචන රැස්වීමේ දී ගනු ලැබූ තීරණ වලට අනුව පූර්ණ හානියට පත් නිවාස හැටක පදිංචිකරුවන් වෙනුවෙන් අද දින (21) නිවාස ලබාදීමට ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් පරිදි කටයුතු සකස් කෙරෙන අතරවාරේ හිටපු ඇමති තිස්ස විතාරණ ඇතුළු පිරිසක් කියා සිටින්නේ වන්දි මුදල් විශල වශයෙන් වැඩි කළ යුතු බවයි.

මීතොටමුල්ල කුණු කන්ද එම ස්ථානයෙන් ඉවත් නොකර ප්ලාස්ටික් යොදා ආවරණය කිරීමට පියවර ගත යුතුව ඇතැයි ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ‍ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.
එසේ ආවරණය කර කලක් ගතවෙද්දී එය කන්දක් ලෙස ස්ථාවර වන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

. බ්ලූමැන්ඩල් කුණු කන්දද මෙලෙස ප්ලාස්ටික් යොදා ආවරණය කළ බවත් මේ වන විට එය කන්දක් ලෙස ස්ථාවරව තිබෙන බවද පෙන්වා දුන් ඒ මහතා මෙම ක්‍රමයේ සාර්ථකත්වය විද්‍යාඥයන් විසින් තහවුරු කර තිබෙන හෙයින් එමගින් කිසිදු පරිසර හානියක් සිදු නොවන බව කීය සිටී.

මීතොටමුල්ල බිම් කඩ නිදහස් කිරීම මගින් රජයට හිමි වෙන බිම් ප්‍රමාණයේ වාණිජ වටිනාකම ඇමතිවරයාට අමතක  වී ඇති බව පෙනේ.

මාසික දීමනාවක්

 නිවාස හිමියන්ට ගෘහ භාණ්ඩ මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ දෙක හමාරක් ද භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා රුපියල් දසදහසක මුදලක් ද හිමි වනු ඇත. පූර්ණ වන්දි ලබාදෙන තෙක් හෝ ස්ථිර නිවාසයක් ලබා දෙන තෙක් අවදානම් කලාපයෙන් ඉවත් වන පවුල් වෙනුවෙන් මාසික දීමනාවක් ලෙස රුපියල් පනස්දහසක මුදලක් හා භාණ්ඩ ප‍්‍රවාහනය ස`දහා රුපියල් දසදහසක මුදලක් ලබා දීමට ද  තීරණය වි ඇත.

මෙම අය වෙනුවෙන් මාස තුනක් ඇතුළත නිවසක් හෝ තක්සේරු වන්දිය ලබාදීම ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් පරිදි අදාළ අමාත්‍යාංශ එකඟත්වය පලකෙරිණි. නිවාස ලබා ගැනීමට අකමැත්තක් දක්වන පවුල් සිටින බව නිරීක්ෂණය වූ බැවින්  ඒ පවුල් සඳහා තක්සේරු වටිනාකම මත සාධාරණ වන්දියක් ගෙවීමට ජනාධිපතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.

 

වන්දි ලබා ගන්නා පුද්ගලයින් වෙනුවෙන් ද ප‍්‍රවාහන හා ගෘහ උපකරණ වෙනුවෙන් ලබා දීමට යෝජිත දීමනා හිමිවනු ඇත. පූර්ණ හානියට පත් නිවාස 60ක්ද අර්ධ හානියට පත් නිවාස 22ක්ද අවදානම් කලාපයේ පිහිටා ඇති යැයි, දැනට නිගමනය කර ඇති නිවාස 211ක් වෙනුවෙන් ද මෙම වැඩපිළිවෙළ කඩිනමින් අනුගත කරනු ඇත.

 

කුණු කන්ද නායයෑමෙන් හානියට පත් දහම්පුර හා පන්සල්හේන ප‍්‍රදේශවල නිවාස හිමියන්ට නිවාස සංවර්ධන අධිකාරියෙන් ලබා දී තිබූ නිවාස ණය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට නිවාස සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත. ඒ අනුව එම ප‍්‍රදේශවල පදිංචිකරුවන් පමණක් නොව,අවදානම් කලාපයේ පදිංචිකරුවන් නිවාස සංවර්ධන අධිකාරියෙන් නිවාස ණය ලබා ගෙන ඇත්නම්  එම නිවාස ණය ද අහෝසි වනු ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!