කුමාර් ගුණරත්නම්ට දේශපාලනය කරන්න දෙන්න

 

lanka election

 

තම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ට ශ‍්‍රී ලංකාව තුළ නිදහසේ සිය දේශපාලන කටයුතු සිදුකිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකර තිබේ.එහි පිටපතක් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ද යොමු කළ බවයි එම පක්ෂය පෙන්වා දෙන්නේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය එම ලිපියේ සදහන් කරන්නේ රට තුළ ඇති වී තිබෙන නව දේශපාලන පරිවර්තනයත් සමඟ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් රජය ගෙන ඇති කි‍්‍රයාමාර්ග පිළිබඳ සැලකිල්ලට ගෙන තම ඉල්ලීම පිළිබදව සලකාබලන ලෙසයි.

එම ලිපියට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, සිවිල් සංවිධාන නියෝජිතයින් 57 දෙනෙකු අත්සන් කර තිබීම ද විශේෂත්වයක්.

 

 

722404891cartoon-L

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.