කුමාර් ගුණරත්නම් අපායේ ඉන්ටර්වල් එකට ලංකාවට එයි.

 

bd5b551e7d6b7885a6be84801d23aa11_L (1)

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් අද අලුයම දිවයිනට පැමිණ පැය  කීපයක් ඇතුලත මාධ්‍ය හමුවක් ඇමතීය.

ජනාධිපතිවරණයට ඉදිඉරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා  ගැනම විශ්වාසයක් නැති  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  ඇතම් ක්‍රියාධරයින් ශ්‍රී ලංකාවේ දැන් උදාවී ඇති තත්වය හදුන්වන්නේ අපායේ ඉන්ටර්වල් එක යනුවෙනි.

මීට පසුබිම් වන්නේ යමම්ලෝකය පිලිබඳ පුවතකි. අපායට ගිය ශ්‍රී ලාංකිකයෙකුට  ගොහොරු වලක  බැසගත් පිරිසක් දක්නට ලැබිණ. ඔව්හු  ගොහොරු වලේ සිටියත්  කෙළිදෙලෙන් පසුවුහ.අපාය කියන තරම් නරක තැනක් නොවන බව මේ ලාංකිකයාට සිතුනි.එහෙත් ගත වුයේ සුළු මොහතකි. සීනුවක් නාද විය.’දැන් කට්ටිය අනිත් පැත්තට හැරිලා ඔලුවෙන් හිට  ගන්න  යැයි යමපල්ලා මොර දුන්නේය. ලාංකිකයාට අපායේ  තරම තේරුනේ එවිටය. විවේක  කාලය කෙටි වන අතර දවසේ වැඩි කාලයක් ගොහොරුව තුල ඔළුවෙන් හිටගෙන සිටීමට සිදුවේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාධරයෙක් ජ්නාධිපතිවරණ  සමය හදුන්ව දුන්නේ තාවකාලික මායාකාරී සමයක් ලෙසිනි.ඔහුට අනුව කවර අපේක්ෂකයා දිනුවත් සැබෑව හෙළිදරව් වන්නේ බලයට පත්වූ පසුවයි.

 

මීට පෙර රටින් පිටුවහල්  කරනු  ලැබූ  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයට ආණ්ඩුව යළිත් එන්නට ඉඩ දී ඇත්තේ ආණ්ඩු විරෝධි ඡන්ද කැඩීමට  බව ඇතම් පිරිස් කියන අතරවාරයේ පෙරටුගාමීන් කියා සිටින්නේත්  තමන්ගේ මතය සමාජගත කිරීම  සඳහා මේ අවස්ථාව උපයෝගී කරගන්නා බවයි.

 

මාධ්‍ය හමුව

කොළඹට  පැමිණි විගස කැඳවූ  මාධ්‍ය හමුව ඇමතු කුමාර් ගුණරත්නම් කියා සිටීයේ තමාට ශ්‍රී ලංකාවට පැමිණීමට වීසා බලපත් ලැබුනේ පක්ෂය විසින් ගෙන යන ලද දීර්ඝ අරගලයක ප්‍රතිපලයක් නිසා බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදු කරන බවට මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන ජනාධිපති ධූර අපේක්ෂකයන් දෙදෙනාම ප්‍රතිඥා දෙන නමුත් ඒවා ක්‍රියාවට නංවන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන්ට අදහසක් නොමැති බව ඔහු කියා සිටියේය.

මහින්ද රාජපක්ෂගේ හෝ මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල වාර්ගික අර්බුදය විසඳීමට ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳව සටහනක් නැති බව ගුණරත්නම් පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  ජනාධිපතිවරණ  අපේක්ෂකයා වන්නේ දුමින්ද නාගමුවයි.

 

KumarGunarathnam1_600px_15_0pub

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.