කුළුඳුල් දරුවා දැක සතුටට ලය පැලී මව මරුට

babyතමන් බිහිකළ කුළුඳුල් දරුවා දැකීමෙන් පසුව අධික සන්තෝසය නිසා මව ලයපැලී මිය ගිය සිද්ධියක්‌ තඹුත්තේගම රෝහලෙන් වාර්තා විය. විවාහ වී වසර ගණනාවකට පසුවයි ඇය මෙසේ මවු පදවියට පත්ව ඇත්තේ. මියගොස්‌ ඇත්තේ තඹුත්තේගම තෙල්හිරියාව පදිංචි දිනූෂිකා සඳමාලි තිස්‌ එක්‌ හැවිරිදි කාන්තාවකි. මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු කළ අනුරාධපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය එච්. පී. කරුණාතිලක මහතා පවසා සිටියේ මෙවැනි මරණ කලාතුරකින් දහසකට එකක්‌ වශයෙන් සිදුවන බවයි. දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.