කෙරී ගෙන් වැඩේ කෙරේද?

397

 

 

 

 

ශ්‍රී ලංකා නව රජයේ දැක්ම ඇමෙරිකාව ඉතා සතුටින් පිළිගැනීම සංකේතවත් කරමින් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ ශ්‍රී ලංකා සංචාරය සිදුවන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීනියක් මෙන්ම කළක් ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනියක්ව සිටි ටෙරෙසිටා ස්කාෆර් මහත්මිය පවසයි ඒ ශ්‍රී ලංකාවේ පුවත් සේවය මේ ගමනට කරන  අර්ථ ගැන්වීමයි.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා  ශ්‍රී ලංකා සංචාරය කෙරෙහි දැඩි උනන්දුවකින් පසුවන බව ඊයේ(29) පැවැති මාධ්‍ය හමුවකදී ස්කාෆර් මහත්මිය පැවසූ බව ‘වොයිස් ඔෆ් ඇමෙරිකා‘ වෙබ් අඩවියේ දැක්වේ.

ශ්‍රී ලංකාව, ඇමෙරිකාව සමඟින් අතීතයේ තිබුණාට වඩා වැඩියෙන් සබඳතා තර කර ගන්නට සූදානම්වන මේ මොහොතේ දී එම කාර්යයේ විශාල කොටසකට පණ දීමට ජෝන් කෙරී සූදානමින් සිටින බව ආණ්ඩුව කියා සිටී.

විදේශ ඇමති මංගල සමරවීර ගුවන් තොටුපලට ගොස් විදේශ ඇමතිවරයා පිළිගැනීමට තරම් කාරුණික විය.

ශ්‍රී ලංකාව සාමය හා සංහිදියාව කරා ගමන් කරමින් සිටින මෙම අවස්ථාවේ දී එම ඉලක්කයට යාම සඳහා ලබා දිය හැකි සහයෝගය වෙනුවෙන් ඇමෙරිකාව පෙනී සිටින බව ද ස්කාෆර් මහත්මිය අදාළ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර ඇත.

ජෝන් කෙරී රාජ්‍ය ලේකම්වරයා ලබන සෙනසුරාදා  ශ්‍රී ලංකාවට පැමිණේ. ඔහු මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙනුයේ ජිබුටි සහ කෙන්යානු සංචාරයක යෙදෙන අතරවාරයේ දී ය.

මෙහිදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා, ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව මුණ ගැසී සාකච්ඡා පවත්වනු ලැබේ.

වැඩේ හරි යාවිද?

එසේම දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන්ව ද මුණ ගැසීමට ඒ මහතා බලාපොරොත්තුවෙන් සිටියි. ගැටළුව වන්නේ ඇමරිකාව සතුටු කිරීමට තරම් යමක් කීමට ආණ්ඩුව සතු වේද යන්නයි.ඇමරිකාවට ශ්‍රී ලංකාවේ දෙමළ මින්ස්සුන්ගේ ගැටළු විසඳීමේ වුවමනාවක් නැත අවශ්‍යවන්නේ අනුන් ගේ ගැටළු විසඳීමට තමන්ට හැකියාවක් ඇති බව ලෝකයට ඒත්තු ගැන්වීමයි. ඒ ටික කිරීමට  මංගල-රනිල්-චන්ද්‍රිකා-මෛත්‍රී ආදීන්ට අසීරු නොවනු ඇත.

එහෙත් සැබෑ ලෙසම මේ රටේ දෙමල මිනිසුන්ගේ ප්‍රශ්නය විසඳීමසමස්ත රටේම ප්‍රශ්නය විසඳා ගැනීමක් ගනීමක් බව වටහා ගෙන  වැඩ කිරීම පිළිබඳව මුලිකත්වය ගෙන වැඩකිරීමේ වගකීම හිමිවී ඇත්තේද මේ පිරිසටමය.

කවර අඩපාඩු කම් තිබුනත් මංගල-රනිල්-චන්ද්‍රිකා කිසිම දිනක ජාතිවාදය තොරම්බල් නොකළහ.

සිරිසේන මහතා ඉහත ත්‍රිත්වයටත් වඩා  ජාතිවාදය පිටු දැකීමේ  උවමනාවෙන් පියවර ගනිමින් සිටී.

මේක දෙමළා, අරූ තම්බියා මම ගොවිගම කියන දවස නිමා වන දිනය උදාවනදා ජෝන් කෙරීට තවදුරටත් ශ්‍රිලංකාවේ ප්‍රශ්න වලට ඇත ගැසීමට බැරි වනු ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.