කෙසෙල් ඇවරිය කාගෙද?

bananaඑළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී ආයතන 63 ක්‌ සඳහා එක්‌සත් ජාතික නිදහස්‌ පෙරමුණ නාමයෝජනා භාර දී ඇත. කෙසෙල් ඇවරිය ලාංඡනය කර ගත් එක්‌සත් ජාතික නිදහස්‌ පෙරමුණ නව පක්‍ෂයක්‌ ලෙස මෙවර මැතිවරණයට ඉදිරිපත් වී තිබීම විශේෂත්වයකි.

ඒ අනුව කොළඹ, ගාල්ල, දෙවුන්දර, ගම්පහ, අනුරාධපුර, කුරුණෑගල, කෑගල්ල, රත්නපුර, මාතලේ, පුත්තලම, ත්‍රිකුණාමලය, කළුතර, නුවරඑළිය, බදුල්ල, අම්පාර යන නගර සභා සහ ප්‍රාදේශීය සභාවලට මෙසේ නාමයෝජනා භාරදී තිබේ.

ගමට වැඩක්‌ කළ හැකි, ගම දිනවන නායකයන් මෙවර ඉදිරිපත් කර තිබෙනවා. කලකිරී සිටින එජාප පාක්‍ෂිකයන්ට අප හා එක්‌වන ලෙස ආරාධනා කරනවා යෑයි ද එක්‌සත් ජාතික නිදහස්‌ පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා කියා සිටී.ඒ අනුව කෙසෙල් ඇවරිය කාගේදැයි හිත ගත හැකිය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.