කෙහෙළිය ගේ ඩිෆෙන්ඩර් ගැන විමර්ශනයක්

හි

 

kehel

 

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ මහනුවර පුෂ්පදාන මාවතේ පිහිටි නිවසේ මැතිවරණ සමයේදී බෙදිම සදහා ගෙන ආ බව කියූ භාණ්ඩ තොගයක් පිළිබඳව   විමර්ශනයක්  කළ බව මහනුවර මුලස්ථානය පොලිස් පවසයි.

 

එහිදි හිටපු ඡනපතිගේ රුව සහිත භාඡන පොත් පත් හා පුටු සෙට් අතුළු උපකරණ ප්‍රමානයක් එම නිවසේ තිබි හමු වී ඇත.

කෙහෙලිය රඹුක්වැල්ල ඇමති තුමාගේ සම්බන්ධිකරන ලේකම් වරයෙකුගේ මාවිල්මඩ පිහිටි නිවසකින් ඩිෆෙන්ඩර්  ජිප් රථයක්ද කටුගස් තොට පොලිසිය මගින් සොයාගෙන ඇත.

රඹුක්වැල්ල මහතා  කියා සිටින්නේ තමන් මේ ඩිෆෙන්ඩර් රථ නීත්‍යනුකුලව මිලදී ගත් බවයි.

Sequence-01.Still001

 

 

 

‘මා හට මඩ ගැසිමේ අරමුණින් පොලිසියට තොරතුරු සපයා තිබෙනවා. මාවිල්මඩ මාගේ ලේකම්වරයාගේ නිවසේ තිබු ඩිෆෙන්ඩර් රථය ද  නීත්‍යනුකුයි.   මින් මාස තුනකට පෙර ජොන්ස්ටන් අමාත්‍යරයාගෙන් ඩිෆෙන්ඩර් රථ දෙකක් ලක්ෂ 180 ට මිලදි ගත් බවත්,  අයිතිය මාරු වීමේ ලියැවිලි අත්සන් කැර නොමැති බවත්, නමුත් මා සන්තකයේ සියලුම ලිපි ලේඛන ඇති බවත් මේ සම්බන්ධව පොලිසියට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කරන බවත් ඔහු කියා සිටී.

 

මෙවැනි විශාල ගනුදෙනුවක් කිරීමට මුදල් සොයාගත් ආකාරය සහ ඊට බදු ගෙවා තිබේද යන ප්‍රශ්නය මතුවේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.