කේතලෙන් මල්ලක් කඩි ගුලක් අවුස්සයි – ආණ්ඩුවේ ශ්‍රී ලංකා මන්ත්‍රීන්ට අභියෝගයක්

Rohini Kavirathnaඅප කථා කරන විට රෝහිණි කවිරත්න මන්ත්‍රීවරිය සිටියේ ඇගේ ඡන්ද දායකයින් පිරිවරා ගෙනය. අප විමසුවේ යහපාලන ආණ්ඩුවෙන් පුලූවන්නම් ඉවත්වෙලා පෙන්නන්න යැයි ඇය කළ ප්‍රකාශය පිළිබඳවයි. ඇය ගත් කටටම කීවේ ‘ඔය යනවයි කියන අය එක්කෙනෙක් වත් යන්නේ නැහැ. ඒ ගොල්ල්ලො පොඩි ඩිමන්ඩ් එකක් එකක් දාලා බලනවා යැයි ඇය පැවසුවාය.

අද ඔය යනවා කියන පිරිස ගැනත් කියන්න ඔනේ එදා මෛත‍්‍රි මහත්තයට වේදීකාවක් ගහගන්න පිටිටනියක් නොදීපු, වේදිකා ගිනි තියපු උසුළු විසුළු කරපු කණ්ඩායම අද කොහොමද කියන්නේ තමන්ගේ නායකයා මෛත‍්‍රි මහත්තයා කියලා යැයි ඇය ප්‍රශ්න කරන්නීය.

ඇය කිව යුත්ත කෙළින්ම කියා ඇත
“ඔය යනවා කින කිසිම කෙනෙක් යන්නේ නෑ මොකද තමන් විඳින වරදාන වරප‍්‍රසාද සියල්ලම නැතිවෙලා යනවා ඒකට බයයි. අපි කියන්නේ සැලූන් දොර ඇරලා තියෙනවා ඕන කෙනෙකුට යන්න පුලූවන්. හැබැයි මතක තියාගන්න මම නැවතත් කියනවා ඔය කවුරුත් යන්නේ නැ.”

දැන් ඇත්තේ දොන් නම් දොන් සිමන් නම් සිමන් තත්වයකි. දොන් සිමන් දෙකක් බැරිය.මේ දොන් සිමන් සෙල්ලම පවතින ආණ්ඩුව දුර්වල කරමින් සිටී.මේ මොහොතේ ඉතා ඉවසිලිවන්ත ලෙස කටයුතු කරන රනිල් වික්‍රමසිංහ අගමතිවරයා රෝහිණි කවිරත්න මන්ත්‍රීවරිය කළ ප්‍රකාශය කළහොත් පළමුව පුදුම විය යුතු නොවේ.දෙවනුව යනවා යැයි කියන කණ්ඩායමට කරගත හැකි දෙයක් නැති වනු ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.